
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා, එහි තැන්පත් කර තිබූ ධාතන් වහන්සේලා, පෞරාණික වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම දෙකක් සහ කුඩා කරඬු කිහිපයක් කිසිවකු විසින් සොරාගනු ලැබ ඇති බවට ඊයේ (1) පැමිණිල්ලක් ලැබුණු බව අත්තනගල්ල පොලීසිය පවසයි.
ධාතු මන්දිරයේ තිබූ පඬුරු පෙට්ටියක් කඩා, එහි තිබූ මුදල් ද සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී අලවල සමිත හිමියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත.
ධාතු මන්දිරයේ ජනේලය විවෘත කර, ග්‍රිල් එක ගලවා ඇතුළු වූ පුද්ගලයකු මේවා සොරාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි පොලීසිය කියයි.
මෙම ධාතු මන්දිරය පසුගිය අප්‍රේල් මාසයේ දිනක වසා දැමීමෙන් පසු එය පිරිසිදු කිරීමට අලවල සමිත හිමියන් ඊයේ උදෑසන දොර විවෘත කළ අවස්ථාවේ කිසිවකු මෙම පෞරාණික වස්තු සොරාගෙන ගොස් ඇති බව දැක ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ, ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත, අත්තනගල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තෙන්නකෝන් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සල්වල කිසිම වටින කියන භාණ්ඩ බුදුදහම අනුව තිබෙන්නට බෑ. නව බෞද්ධ ලේබලය ගසාගෙන සිටින පන්සල් වාසීන් ගිහියන්ට වඩා පෘතඥණ ගතිගුණ ඇති අතහැරීම වෙනුවට සුඛ විහරණයට ඇලුන කණ්‌ඩායමක්. නැතිව පන්සල්වල මේතරම් ආරක්ෂාව දී රකින්න දේ තිබිය හැකිද?
රජමහා විහාරයක්ලු... කාලෙකට පෙර වසා තැබුවාලු.. ඉතින් මිනිස්සු වඳින්නේ කොහොමද? ඇත්තටම පන්සලක් දිනපතා පිරිසිදු කරන්නේ නැත්නම් එතැන කුමක් හෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා...
බුදුදහම ගැන ඔබගේ දැනුම ඉතා අල්ප බව පෙනේ. බුදුදහමෙන් උගන්වන්නේ තමගේ සිත ගැන මිසක් තැනක තිබිය යුතු භාණ්ඩ ගැන නෙමෙයි...