
(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පසුගිය පැය කිහිපය තුල ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඉදිරි පැය 24 ක් දක්වා වන කාලය පහත් බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර සිටී.
මෙම තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර , මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ ඌරුවල්ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශවලට සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්.සූරියආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd