
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ සිසිරවත්ත ආරාමය ආසන්නයේ තිබූ විශාල ගසක අත්තක් අද(13) ත්‍රි රෝද රථයක් මතට කඩා වැටීමෙන් ත්‍රී රෝද රථය පදවමින් සිටි අය බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ ගොවි මහතෙකුට මාළු මිරිස් ගෝනි දෙකක් ත්‍රි රෝද රථයේ දමාගෙන අලෙවි කිරීම සඳහා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
ෙ දැනට සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ දඹුල්ල සිට කණ්ඩලම දෙසට භාණ්ඩ පැටවූ විශාල කන්ටේනර් රථයක් ධාවනය වෙද්දී වර්ෂාවත් සමඟින් ගසේ අත්ත පාත්වී කන්ටේනර් රථයේ ඉහල කෙළවරේ වැදීමත් සමග ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රි රෝද රථය මතට අත්ත කඩා වැටී තිබෙන බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd