(ඉන්දිකා රාමනායක)
ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ නිවසක් සෝදිසියට ලක් කිරීමේදී, අත් විලංගු ජෝඩුවක් අත් බෑගයක දමාගෙන සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ (24) හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පවසයි.
මෙම කාන්තාවගේ නිවසේ මත්ද්‍රව්‍ය ඇති බවට ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් අද (9) අදාළ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම අත් විලංගු ජෝඩුව සොයාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාව මහත්තයට දාන්න වෙන්නැති !
අත් විලංගු තහනම් ද්‍රව්‍යයක් වෙන්නේ කොහොමද?