
(සිතුම් චතුරංග)
වවුනියාව, ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී නීති විරෝධිව කපන ලද බුරුත දැව කඳන් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට අද (24) වෙඩිතැබූ බව වවුනියාව පොලිසිය කියයි.
නීති විරෝධි දැව ජාවාරම් වැටලීම සඳහා එම ප්‍රදේශයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් හප්පා අනතුරට පත්කොට පලායාමට උත්සහ කළ කැබ් රථයකට එලෙස වෙඩි තැබූ බව පොලිසිය සඳහන් කෙළේය.
වෙඩිතබන අවස්ථාවේ කැබ්රථයේ සිටි ජාවාරම්කරුවන් කැබ් රථය දමා පලාගොස් අැති අතර එහි තිබී විශාල ප්‍රමාණයේ බුරුත දැව කඳන් 17 ක් සිය බාරයට ගත් බවත් පැවසීය.
කැබ්රථයට වෙඩි ප්‍රහාර පහක් එල්ලකිරීමෙන් අනතුරුව රථය දමා ජාවාරම්කරුවන් පැනගිය බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වාහනය විගණන විමසුම් මගින් පෙන්නූ අතුරුදන් වාහනයක්ද බලන්න