IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අඩු වයසින් සාපෙළ ලියා ලොකු ජයක් ලබලා

(ෂේන් සෙනෙවිරත්න)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ මහනුවර උසස් බාලිකා විදුහලේ 08 වසරේ සිසුවියක ඉහළ ප්‍රතිඵල ලබාගෙන තිබේ.

ක්‍රිස්ටීන් ප්‍රාණකේශිණී නමැති එම සිසුවිය නිවසේ ස්වයං අධ්‍යාපනය ලබා 2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඇයි එහිදී ඒ සමාර්ථ එකක්, බී සමාර්ථ තුනක් සහ සී සමර්ථ පහක් ලබාගෙන ඉහළ ප්‍රතිඵල පෙන්වා තිබේ.

ඇයගේ මව සහ පියා ගුරුවරුන් වන අතර එම දැරිය ලබන වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ද සූදානම් වෙමින් සිටින බව මව්පියන් පවසයි.

 



අදහස් (6)

අඩු වයසින් සාපෙළ ලියා ලොකු ජයක් ලබලා

ලංකාමිත්‍ර Sunday, 03 December 2023 06:46 PM

ඇත්තටම හැකියාව තියෙන දරුවන්ට හැරමිට්ටෙන් යමින් කරන අධ්‍යාපනය නැවතීමට අවස්ථාව දීමට කටයුතු කරන්න ඕනෑ සාමාන්‍යයෙන් අවුරුදු 24ට පෙර උපාධිය ගන්න අවස්ථාව ඇතිවීමට විධිවිධාන යොදනවා නම් රටට වාසනාවක් කියන්න පුළුවන් එම දැරියගේ අනාගත අපේක්ෂා සර්ව ප්‍රකාරයෙන් සාර්ථකව ඉෂ්ට සිද්ධවේවා...!

:       4       71

ana Sunday, 03 December 2023 07:22 PM

මේක අනෙක් දරුවන්, දෙමාපියන් ආදර්ශයට ගතහොත් දරුවන්ගේ ළමා ලෝකය තවත් අඳුරු වනු ඇත.

:       12       76

සෙනෙවිරත්න Sunday, 03 December 2023 08:22 PM

මම දන්න ළමයෙකුත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් වසරකට පෙර ලියලා, ඔයිට වඩා හොඳ ප්‍රතිඵල ගත්තා. කාලය නාස්ති නොකර යන්න හැකි කෙනාට යන්න දෙන එක හොඳයි. ඒ නමයක්ම ගන්න අවශ්‍ය නැහැ.

:       0       9

Nalins Monday, 04 December 2023 11:37 AM

වැඩක් නෑ.....දෙමව්පියෝ අනවශ්‍ය විදියට ළමයි තල්ලු කරනවා....

:       2       4

ප්‍රියදර්ශනී Monday, 04 December 2023 12:06 PM

විභාගය කියන්නේ කට පාඩම් කර ගිරවා වගේ නැවත පුනරුච්චාරනය කිරීම මිස බුද්ධිය අවබෝධ ඥාණය වර්ධනය කිරීමක් නොවේ. ස්වභාවධර්මය ට ගරු කරමින් මිනිසාට පමණක් නොව වනසතුන්, ගහකොළ, ජීවත්වන වායුගෝලය සුරකිමින්, මතු අනාගත පරපුර ට අතීතයේ, වර්තමාන යේ භුක්ති විඳින සම්පත් සුරැකීම ට සහජීවනයෙන් ජීවත්වීමට, පංචශීලය පිළිපැදිමට දරුවන් කුඩා කට සිට යොමු කළ යුතු වේ. පෙර පාසල් දරුවාගේ සිට දෙමාපියන් ගේ ආධාර නොමැති ව වූවද තනිවම තම කාර්යයන් කරගැනීමට ස්වයං වගකීම පැවරෙන ලෙස දරුවන්ට අධ්‍යාපනය පළමුව දෙමාපියන්ගෙන්, දෙවනුව ගුරුවරුන් ගෙන් තෙවනුව ජීවත්වන සමාජයෙන් ලැබීමට සැලැස්වීමෙන් ජපානයේ මෙන් බුද්ධිමත්, තමන්ට, අනුන්ට කරදරයක් නොවී ජීවත් වන වර්තමාන දරුවා හෙට ජාතියට වටිනා දායාදයකි.

:       3       9

චන්දන Monday, 04 December 2023 01:15 PM

රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි කියන්නේ මේකට. මෙතැන නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. 8 පන්තියේ ළමයෙක් සාමාන්‍ය පෙළ ලියන්න නම් පාසලෙන් අස්වීමේ සහතිකය ගන්න ඕනෑ. පුද්ගලිකව ලියන්න පුළුවන්. එහෙම නම් මෙයා අහවල් ස්කෝලේ කියලා දාන්නේ කොහොමද? මේ ගැන විභාග දෙපාර්තමේන්තුවත්, මහනුවර උසස් බාලිකා විදුහල්පතිනියත් උත්තර දිය යුතුවෙනවා. මේ දැරියට උණුසුම් සුබපැතුම්!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site