
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල ,ආපනශාලාවල, සහ පාන් බනිස් අලෙවි සල්වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ පවසති .
මිල අඩුකර නැති මෙම බේකරිවල සහ පාන් අලෙවිසල්වල මෙන්ම පාන් අලෙවි කරන ජංගම රථවලද පාන් ගෙඩියක් රුපියල් 150ක් 160 වශයෙන් ද බනිස් හා කිඹුලා බනිස් රුපියල් 60 සහ 70 වශයෙන් කලින් පැවති මිලටම අලෙවි කරන බව ඔවුහු කියති.
මිල අඩු නොකිරීම ගැන පාන් අලෙවි කිරිමේ වෙළඳසල් මෙන්ම ජංගම රථවලින් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ තමන්ට බේකරිවලින් පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන ලබා දුන්නේ කලින් මිලටම බවත් එම නිසා රුපියල් 10 කින් මිල අඩු කොට විකිණීමෙන් පාඩුවක් සිදුවන බැවින් කලින් අලෙවි කළ මිලටම පාන් බනිස් අලෙවි කළ බවයි.
මීට අමතරව වැඩි මිලට පිටි මිලදී ගැනීමට සිදුවීම පාන් බනිස් මිල අඩු නොකිරීමට තවත් හේතුවක් බවද බේකරි හිමියන් කියා සිටිති .
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩු කළ මිලට පාන් බනිස් නෑ
Bamunuarachchi Thursday, 22 June 2023 01:13 AM
උඹලා ගාව පාන් බනිස් අපේ ගාව සල්ලි. අපිට සල්ලි දීල තොසේ වඩේ ඉන්දිඅප්පන්කන්න පුළුවන් උඹලට බනිස් දීල හාල් ගන්න බැහැ. බලමු කව්ද දිනන්නේ කියලා.
චින්තක Thursday, 22 June 2023 06:08 AM
සහතික ඇත්ත. මම රූබි කියලා පාන්කඩයක් දැක්කා. ඒකෙනම් ඊයේ පෙරේදා වෙනතුරුත් පාන් 170 යි. අනෙක් ඒවායේ 150/=යි හැබැයි 150/=ලැබෙන්නේ තුනී ලෑලි වගේ පාන් තමයි ඒත් 170 /= පාන්ගෙඩිය පැය දෙකක් තිබුනොත් 150/=ට දෙන එක වගේමයි හරියට හුලං බැහැල වගෙයි .කොහොම වුනත් ඉස්සර පාන් භාගයක් අවශ්‍ය කෙනෙකුට දැන් ගෙඩියක් අවශ්‍ය වෙනවා බලන්න කෙනෙක් තමයි නැත්තේ
Lalla Thursday, 22 June 2023 07:03 AM
අපේ ගමේ බේකරි මුදලාලිට අනුව තවම පරණ මිලට ගත්ත පාන්පිටි..... මැටි ගුලි පාන් වර්ජනය කරන ව්‍යාපාරයක් ආරම්භ කරමු. එක සතියකට ක්‍රියාත්මක කර පෙන්වමු....
Srilanka Thursday, 22 June 2023 10:41 AM
පාන් අඩුකරන්නෙ කොහොමද ලයිට් බිල් කියද , අනිත් හැමදේම ගිනි ගනන්, , පන් පිටි දියකරල පොස්ටර් ගහ පල්ල , ඔය අටවගත්තු සංගම් වලට කිසිම බෙකරියක් නෑ ඇන්ඩ්‍රවු සල්ලි වලට මුවාවෙලා මාධ්‍යට ඇවිල්ල බුරනව.