
(චමින්ද වැවතැන්න)
ලංකාවේ පළමු වරට මීටර් 124 ක් (අඩි 410) පොළොයට බෝගල මිනිරන් පතලේ පවත්වාගෙන යන භූගත ආපන ශාලාවට අවසර ලත් නරඹන්නන් වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව දෙන බව බෝගල මිනිරන් පතලේ ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය.
1865 දී පමණ ආරම්භ කර ඇති බෝගල මිනිරන් පතල ලොව උසස් තත්වයේ මිනිරන් අපනයනය කරමින් ලෝකයේ ඉහළ නාමයක් දිනා ඇති ආයතනයකි.
මෙහි මිනිරන් ජර්මනිය, ජපානය , ඉන්දියාව පකිස්තානය වැනි රටවල්වලට අපනයනය කරමින් මෙරටට විශාල විදේශීය විනිමය උපයා දෙන සුවිශේෂී කර්මාන්ත ශාලාවකි.
බෝගල මිනිරන් පතලේ දැනට ගැඹුර මීටර් 476 කි. අඩි 1585 කි. මීටර් 124 ක් (අඩි 410) ගැඹුරුට බැස ගත් අවස්ථාවේ දී පළමු දොනාව හමුවෙයි. එම දොනාවේ මීටර් 150 පමණ ගිය තැන මෙම සුවිශේෂී භූගත ආපන ශාලාව ස්ථාපනය කර තිබේ. ආපන ශාලාවක් ලංකාවේ පළමුවරට දොනාවක් තුළ ස්ථාපනය කර ඇත්තේ බෝගල මිනිරන් පතලේ බව ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය.
මෙම ආපන ශාලාවේ වරකට පහළොස් දෙනකුට රැදී සිට එහි සාදන කෑම බීම නරඹන්නන් හට භුක්ති විදිය හැකියි.
තව ද ආපන ශාලාව අවට මිනිරන් කැණීම් සිදු කරන කම්කරුවන් පෙන්වා දෙමින් ඩමි කිහිපයක් ඉදි කර ආපන ශාලාවට පැමිණෙන ජනයාට දැක බලා ගැනීමට අවස්ථාව පාලනාධිකාරිය විසින් උදා කර දී තවත් සුවිශේෂී අවස්ථාවකි.
මිනිරන් පතල නැරඹීමට වයස අවුරුදු 14 වැඩි දරුවන්ගේ සිට යා හැකි බවත් විශේෂයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින දූ දරුවන්හට යාමට අවසර පාලනාධිකාරිය හිමි කර දීම සුවිශේෂී කරුණකි. ඊට අමතරව අවසර ලත් සුවිශේෂී පුද්ගලයන්ට ද යා හැකි බව ප්‍රධාන විධායක නිලධාරි අමිල ජයසිංහ මහතා පැවසීය.
ආපන ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට බෝගල මිනිරන් පතලේ අධ්‍යක්ෂ සිඩ්නි ජයසිංහ, සභාපති කොරලී පීටර් සෙන් විධායක අධ්‍යක්ෂ අමිල ජයසිංහ, විජය ප්‍රසන්න මලලසේකර මහතාගේ පුත් රජිව් මලලසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු බෝගල මිනිරන් පතලේ කාර්ය මණ්ඩලය ද එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.


2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩි 410 පොළව යට ඉදි කළ ආපන ශාලාව
Kumara Sunday, 13 August 2023 08:03 PM
නියමයි... හොඳ ව්‍යාපාරික අදහසක්...
pakeer Sunday, 13 August 2023 11:03 PM
ලෝකයේ ගොඩක් දියුණු රටවල මේ වගේ පතල් සෑහෙන්න තියෙනවා. අපිටත් මේවා ගොඩක් තිබුණා නම්... මේවා තමයි ඇත්තම වැඩ...
Sethuhami Sunday, 13 August 2023 11:28 PM
පිස්සු නැතිනම් ශෝක් කිව්වලු...
Athula k Monday, 14 August 2023 02:25 PM
දුම්බර මිනිරන් පතල් කලකට පෙර අත්හැරිය ඒවා.. සංචාරක ආරක්ෂණයට මරු. නමුත් වල් වැදිලා...