IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අඩි 15ක් දිග ගැටයෙක් පිලදුවෙන් අල්ලයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අඩි 15 ක් දිග විශාල ගැට කිඹුලෙකු මාතර පිලදුව ප්‍රදේශයෙන් ගම්වැදීමට සූදානම් වු අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින් අල්ලා වන ජීවී නිලධාරීන් වෙත අද (03) උදෑසන භාර දෙනු ලැබීය.

නිල්වලා ගඟේ සිට පිලදුව ඇල ඔස්සේ ඊයේ (02) රාත්‍රී 11.00 ට පමණ පැමිණි කිඹුලාට ආපසු නිල්වලා ගඟට යාමට නොහැකි වන පරිදි කොටු කර ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන තිබුණි.

ඒ අනුව පැය 06ක පමණ කාලයක දී අල්ලා ගත් කිඹුලා ගැට ගසා මිරිස්ස වන ජීවී කාර්යාලයේ නිලධාරීන් වෙත භාර දීමට ඔවුන් කටයුතු කලේය.

කිලෝ දහසකට වැඩි බරකින් යුත් මෙම කිඹුලාගේ අත් පාද අඩි තුනකට පමණ වැඩී තිබු බව ප්‍රදේශවාසීහු සදහන් කලෝය.

විශේෂයෙන්ම ගැට කිඹුලන් නිල්වලා ගගට ආවේණික සතෙකු වන නිසා ඌ යලි වෙනත් ප්‍රදේශයකින් එම ගගටම මුදා හරින බව වන ජීවී නිලධාරීන් පැවසීය.

කෙසේ වෙතත් දීර්ඝ කාලීනව තම ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන කිඹුල් මිනිස් ගැටුමට ස්ථිරසාර විසදුමක් ලබා දෙන ලෙසත් එසේ නොවනතාක් මෙම ගැටුම පවතින බවත් මාතර නාගරික මන්ත්‍රී මලිදු ගජධීර මහතා පැවසීය.

ප්‍රදේශවාසීන් හා වන ජීවී නිලධාරීන් අදාල කිඹුලා කර මතින් රැගෙන ගොස් ට්‍රක් රථයක පටවා ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යනු ලැබීය.

මෙම අවස්ථාව දැක බලා ගැනීම සදහා විශාල පිරිසක් ඒකරාශී වී සිටියේය.



අදහස් (2)

අඩි 15ක් දිග ගැටයෙක් පිලදුවෙන් අල්ලයි

Gagana Saturday, 04 March 2023 10:13 AM

ගැටේ කොහෙද තිබ්බේ?

:       0       0

TIN TIN Sunday, 05 March 2023 01:27 PM

බැරිද දන්නේ නැහැ... දියවන්නාවට ගෙනිහින් දාන්න... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 289 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 93 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 783 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site