(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නව හැවිරිදි රූමත් දැරියක් අතුරුදන් බවට දැරියගේ දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අටුලුගම ප්‍රදේශයේ විදුහලක 4 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නැමැති දැරියයි.
දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවසේ සිට මීටර් දෙසිය පනහක් පමණ ඈතින් වූ වෙළද සැලකට අද (27) උදේ 10 ට පමණ ගිය අවස්ථාවේ සිට නිවසට පැමිණියේ නැතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
අතුරුදන් වූ දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වෙනි දරුවා බව පොලිසිය කියයි.
දැරිය පැයක් පමණ ගත වුවත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ මව ඥාතිවරියකට ඒ බව පවසා දැරිය අවට නිවාස වල ද සොයා ඇති අතර නොමැතිවීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කළ බව බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මිය පැවසුවාය.
පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සි රාජපක්ෂ,ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක පි.වි.ඒ හේමමාලි ,පොලිස් පරීක්ෂක වරුන් වන මිහිලාර් අනුර, කාන්තා පොලිස් කොස්තාපල් චතුරිකා මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අටුලුගම දැරියක් අතුරුදන් වෙයි