(හර්ෂණ තුෂාර සිල්වා)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කරනු ලැබ ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (27) පැවැති පළමු කැබිනට් හමුවේදී අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම තනතුරට පත් කිරීමට අනුමැතිය හිමි ව තිබේ.
අජිත් නිවාඞ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ 12 වැනි අධිපතිවරයා වන අතර 2006 වසරේ සිට 2015 වසර දක්වා එම ධුරය හෙබවූවේය.
වරලත් ගණකාධිකාරීවරයකු වන හෙතෙම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා දකුණු ආසියානු ගණකාධිකාරීවරුන්ගේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයට පත්වීමට පෙර කබ්රාල් මහතා ආර්ථික කටයුතු පිළිබඳ උපදේශකවරයකු ලෙස ද කටයුතු කර ඇති අතර සමාගම් ගණනාවක සභාපති සහ අධ්යක්ෂ යන තනතුරු හොබවා ඇත.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනය, පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනය හා මොරටුව විශ්ව විද්‍යාලය යනාදියේ අධ්යක්ෂ මණ්ඩලවල කටයුතු- කර ඇති කබ්රාල් මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ අයිසන්හවර් පදනමේ ‘2000 මල්ටි-නේෂන්’ වැඩසටහනේ අධි ශිෂ්‍යත්වලාභියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් හෙට, අනිද්දා ග්‍රීක බැඳුම්කරවල අායෙත් ආයෝජනය කරාවි...!!!
ආචාර්ය හෙජින් සහ පිරමීඩ සාදරයෙන් පිළිගනිමු. පටන් ගමු නවත්තපු තැන්වල ඉඳලාම.
නියම පත් කිරීමක්නේ. අර නීතිවිරෝධී පිරමිඩ මූල්‍ය ක්‍රමයත් මෙයාගේ නේද?
ගියපාර පොත වහලා වැඩේ ගොඩින් බේරා දුන්නනේ..., මෙදා සැරේ ,පොත් හොයාගන්න බැරිවෙන්න කරලා දෙයි සුපිරියට... ඒ රෝප්පෙන් උපාධිය ගත්තත් වැඩක් තියෙනවද? අවංකකම නැතිනම්, මේ සොරාකන්නේ දුප්පත් රට වැසියාගේ මුදල් බව දැනගන්න. ආත්ම ගාණක් විඳවයි.
මෙදා සැරේ පොත් හොයාගන්න බැරි වෙන්න කරලදෙයි සුපිරියට... ඒ රොප්පෙන් උපාධිය ගත්තත් වැඩක් තියෙනවද? අවංකකම නැතිනම්, මේ සොරාකන්නේ දුප්පත් රට වැසියාගේ මුදල් බව දැනගන්න. ආත්ම ගාණක් විඳවයි.
මේත් නෑයෙක්...
ඉතාම උගත් අය වුණත් ඔවුන් පාලනය කෙරෙන බලවතුන්ගේ වුවමනාව මත ඉතාම නරක පුද්ගලයන් බවට පත් විය හැකියි. හිට්ලර් යටතේ සිටි බුද්ධිමතුන් කොතරම් ප්‍රාඥයින් වුණත් ඔවුන්ට සිදුවුනේ පාලකයින්ගේ නියමය අනුව සමූහ මනුෂ්‍ය ඝාතක උපකරණ ආදිය නිපදවීමටයි. ලංකාවේ බුද්ධිමතුන් යොදා ගන්නෙත් රටේ දියුණුවට සැලසුම් හදන්නට නොව පෞද්ගලික ලාභප්‍රයෝජන සඳහා බව ඉතිහාසය පෙන්වා දෙනවා.
ගෝඨාභයට කතිරේ ගසා රටේ පාලනයට ලන්සා, රත්තරන්, ජොනී, මහින්දානන්ද ලබාගත් බයියනේ දැන් සැපද...?
රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂය (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතන හා ව්‍යාපාර ලාභදායි ලෙස පවත්වාගෙන යෑමට ඒවා ලාභදායි ව්‍යාපාර ලෙස පත්කිරීමට හැකි සුදුසුකම් ලත් වෘත්තීය වේදින්ගෙන් ජනපති ලේකම් කාර්යාලය අභිලාෂ කැඳවීමට තිරණය කර තිබේ. ඒ සඳහා පුවත් පත් දැන්වීම් වලින් ජනතාව දැනුවත් කර ඇත.
ඇත්තටම මිස්ටර් සජිත්ගේ පැත්තේ මිනිස්සු එක්ක බැලුවම මිස්ටර් මහින්දගේ පැත්තේ ඉන්නේ හොඳ උගත් මිනිස්සු... මිස්ටර් සජිත්ගේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට වැඩිදුර අධ්‍යාපනය ලබාදෙන්න ඕනෑ තමාගේ රාජකාරිය කරන්න දේශපාලනේ කරන්න කලින්... හොඳ වෙලාවට ඒ පැත්තට රට ගියේ නැත්තේ... නැත්තන් මේ රට ඉවරෙටම ඉවර වෙනවා. එළියේ ඉඳන් බලන අපට ලස්සනට මේ රට පේනවා. දැන් නම් පොඩි බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් ශ්‍රී ලංකාව ගැන...
මෙයා පෙර එජාපයකු බව අමතක කරන්න එපා. එජාප මොළ හයර් කරනවා. මෙහි වැරැද්දක් නැති බව කිව යුතුයි.
අර පිරමිඩ ජංජාලේ නිර්මාතෘ මෙතුමාලු... ඇත්තද?
ආහ්... ඔය එන්නේ එකඑක නළුවා කරලියට...
වියත්මගේ බුද්ධිමතුන්ට නිසි තැන දෙනවා කියලා කිව්වේ මෙවැනි වංචා පිළිබඳ අධි චෝදනා ඇති පුද්ගලයින්ට ලොකු තනතුරු දීමද?
පසුගිය කාලේ චෝදනාවන්ට ලක් වුණු අය ටිකක් ඈත් කර තබන්නේ නම් මැනවි..
සියලුම පරණ කුණු නැවතත් ඇතුළට අරගෙන කොහොමද ගමනක් යන්නේ? මේ මිනිස්සු කරපු හරිය සාමාන්‍ය ගම්බද මිනිස්සු නොදන්නවා වුණාට උගත් මිනිස්සු දන්නවා. බොහෝ චෝදනා ඇති අය තනතුරුවලට පත්කරලා. නැවත ඒ මිනිස්සු ඒවා නොකරයි කියලා කොහොමද කියන්නේ?