IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අඟහරු ලොවේ පාෂාණත් සෙවනගල පාෂාණත් සමානද බලයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

අඟහරු ග්‍රහයාගේ ඇති සර්පෙන්ටින් නැමැති පාෂාණයට සමාන ලංකාවෙන් සොයාගත් සර්පෙන්ටිල් පාෂාණයේ නියැදි ලබාගැනීමට ඇමරිකාවේ නාසා ආයතනය සමග කටයුතු කරන රටවල් කිහිපයක සහ ලංකාවේ විශ්ව විද්‍යාල කිහිපයක භූගර්භ සහ වාග් විද්‍යාඥයන් කණ්ඩායමක් මේ දිනවල සෙවනගල ගිනිගල්පැලැස්සේ පර්යේෂණ කටයුතු වල නිරතව සිටිති.

ඇමරිකාවේ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනිත් කරුණාතිලක මහතාගේ නායකත්වයෙන් යුතු ඇමරිකාව, ඉන්දියාව, චීනය සහ ලංකාවේ පේරාදෙනිය, ශ්‍රීජයවර්ධනපුර, මොරටුව, සහ කැළණිය විශ්ව විද්‍යාලවල භූගර්භ විෂය  සහ වාග් විද්‍යාව සමබන්‍ධයෙන් කටයුතු කරන මහාචාර්ය, ආචාර්ය සහ කථිකාචාර්යවරුන්ගෙන් මෙම කණ්ඩායමට අයත්වෙති. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කණ්ඩායමකුත් ද ඒ අතර සිටී.

අධිසංවේදී උපකරණ භාවිත කරමින් මෙම පර්යේෂණයන් සිදුකරනු ලබයි. ලබාගන්නා ගිනිගල් නියැදි ඉදිරි පර්යේෂණ සඳහා නාසා ආයතනය වෙත ගෙන යාම මෙම පර්යේෂණවල අරමුණවී ඇති බව ඊට එක්ව සිටින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ ආචාර්ය ප්‍රසන්න ලක්‍ෂිත ධරමප්‍රිය මහතා පැවසුවේය.

‘ඇමරිකාවේ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනිත් කරුණාතිලක සහ ශ්‍රීලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මෙත්තිකා විතානගේ යන මහාචාර්යවරු 2018 දී ශ්‍රී ලංකාව ආශ්‍රිතව සර්පෙන්ටින් පාෂාණය පිළිබඳ මුලික පර්යේෂණ කිහිපයක් කර තිබුණා.

නාසා ආයතනය අඟහරු ග්‍රහයා පිළිබඳ කළ පර්යේෂණවල දි අනාවර්ණය කරගත් සර්පෙන්ටින් කියන පාෂාණය සහ එය විභේදනය වීමෙන් ඇතිවු අනෙකුත් පාෂාණ වල සමානකමක් ඇතිබව මේ පර්යේෂණවලින් පෙනෙන්ට ඇති බවට මුලික අදහසක් තහවුරුවී තිබුණා.

ඒ පර්යේෂණය පදනම් කරගෙන දෙස් විදෙස් භූගර්භ විද්‍යාඥයින් කණ්ඩායමක් ගිනිගල් පැලැස්සට ඇවිත් ඉන්නවා.’

 



අදහස් (4)

අඟහරු ලොවේ පාෂාණත් සෙවනගල පාෂාණත් සමානද බලයි

Wimale wansha Sunday, 02 July 2023 07:05 PM

එක ගලක් ඇමරිකාවට ගෙනියන්න දෙන්න එපා... මේවා විදේශීය කුමන්ත්‍රණ... හාමුදුරුවෝ ඇවිත් ඉන්නේ... නිධන් හාරනවද බලන්න..? මේවා කුමන්ත්‍රණ...

:       12       10

chandima Sunday, 02 July 2023 08:52 PM

රට පටවන්න වගේ යන්නේ...? අඩුතරමේ රටේ ණයවත් ගෙවන්න ලැබුණොත්...? මහරජා වගේ උන්නා නම් ඒ සල්ලිවලින් පුතාලට ලැම්බෝගිනි ගෙන්නනවා...

:       0       0

de silva Sunday, 02 July 2023 10:59 PM

ඔච්චර පරික්ශන කරන්න අවශ්‍ය නැහැ රනිල්ගෙන් ඇහුව නම් ඔක්කොම කියල දෙයි , එයා ඉතිහසය ගුගොලය ගැන හොදට දන්නව,

:       0       0

Mf. Monday, 03 July 2023 11:36 PM

මේ තියෙන ප්‍රශ්නවලට හැටියට අගහරු ලොවේ හරි හොරු නැති රටක් බිහි වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site