(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය අගෝස්තු 16 වන විට සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලි බල හා ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගොවිතැන සදහා උඩවලව ජලාශයට සමනල වැවෙන් ජලය ලබා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ දී එකඟතාවයකට පැමිණි බව කී අමාත්‍යවරයා එලෙස කළ විට අගෝස්තු 16 වන හදිසි විදුලි මිලදී ගැනීමක් කරන්නට සිදුවන බවද අමාත්‍යවරයා කීය.
විකල්ප විදුලි මිලදී ගැනීමක් නැති නම් මාතර, ගාල්ල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වල පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් කරන්නට සිදු වෙන බව අමාත්‍යවරයා කීය.
දවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැය දෙකක් වශයෙන් එලෙස විදුලිය කපන්නට සිදුවෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ප්‍රසම්පාදන ක්‍රමය යටතේ හදිසි විදුලිය මිලදී ගන්නට බලාපොරොත්තු වෙන බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ගොවිතැන සදහා වතුර නිදහස් නොකළොත් විදුලි උත්පාදනය සඳහා කිසිම ගැටළුවක් ඇතිවන්නේ නැතැයි අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල පෙරාගෙන නේද හිටියේ කට්ටිය එක්ක කොමිස් ගහන්න .ඕන එකත් හරි එහෙනම්.දෙන දෙවියෝ ගෙට ගෙනාවත් දෙනවා අපිටත් දවසක හඳ පායනවා