
(නිමල කොඩිතුවක්කු)
පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගනිමින් පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා නව බස් රථ සේවාවක් අගෝස්තු පළවන දා සිට හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිසම සඳහන් කරයි.
මෙම බස් රථ සේවාව අගෝස්තු පළමුවැනිදා සිට බස්නාහිර පළාත ඉලක්ක කරමින් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා බස්රථ හතළිහක් පමණ යොදවා ඇති බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේය.
මෙහිදී පාසල් දරුවන්ගෙන් සාමාන්‍ය බස් ගාස්තුවක් අය කරන බවත් ඔහු පැවසීය.
මෙම බස් රථයේ ගමන් ආරම්භ කරන ස්ථානය සහ ගමනාන්ත ආදිය, විස්තර පත්‍රිකාවේ අඩංගු කර ඇති බවත් 1955 ක්ෂණික ඇමතුම් අංක ඔස්සේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් මේ පිළිබඳ තොරතුරු ලබාගත හැකි බවත් ඔහු තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගෝස්තු 1 සිට පොදු පාසල් බස් රථ සේවාවක්
Kamal Friday, 29 July 2022 05:00 PM
මගේ දරුවා එක වසර ඉගෙන ගන්න ගෑණු ළමයෙක්. එතකොට ඒ හය හතර නොතේරෙන ළමයට තනියම බස් එකේ යන්න එන්න පුළුවන් පරිසරයක් තියෙනවාද?
SLFriday, 29 July 2022 06:02 PM
ඇත්තටම එහෙම තත්වයක් තමයි තියෙන්න ඕනේ... බස් එකට පොලිස් කාන්තාවන් දෙදෙනෙකු දාන්න පුළුවන් ළමයින්ගේ ආරක්ෂාව සහ අවශ්‍ය පාසැල ළඟ බස්සවන්න. ඔබතුමාට පුළුවන් දරුවත් අරගෙන පොදු ප්‍රවාහනවල යන්නත්...
Prase Friday, 29 July 2022 06:03 PM
ඇත්තද? ළමයට කාර් එකක් එවන්න සර්...