
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ මංගල්‍යයට කොළොන්නාව පුරාණ රජමහා විහාරයේදී අද (16) පෙරවරුවේ සහභාගි වූවාය.
ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව පූර්ව භාග 9.04ට යෙදුණු සුභ නැකැතින් විහාරාධිපති කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරිණි.
"සිංහල දෙමළ අලුත් අවුරුද්ද අපේ රටේ වැදගත්ම උත්සවයක් මෙන්ම අපේ සිරිත් විරිත් හා ඥාතීන් මතක් කරගෙන අපේ පවුල මූලික කරගෙන සමරන උත්සවයක් බවත් මේ උත්සවය තුළින් තමයි අපේ එකමුතුකම, ආදරය, බැඳීම මේ සියල්ලම අලුත් කරගනැනීම රටකට අවශ්‍ය බවත් එහිදී ඇය පැවසුවාය.




COMMENTS
රටේ ප්‍රධානම උත්සවය සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඒත් රටේ රාජ්‍ය නායකයා ඒ උත්සවය වර්ජනය කළාද දන්නේ නැහැ. කිසිම ආරංචියක් නෑ ඒ ගැන. ඒත් එතුමාම රාමදාන් සමරනවා අපි දැක්කා. මොකක්ද මේ වෙන්නේ? රටේ නායකයා ලැජ්ජයිද රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ උත්සවයක් ප්‍රසිද්ධියේ සමරන්න...
ජෙප්පෝ මෙච්චරකල් තෙල් ගැවේ, 88 -89 කාලේ පාවිච්චිකරපු ගල්කටස් ටික මලකඩ කන්නේ නැතිව තියාගන්න විතරයි ! අනිවා තඹුත්තේගම ලපයා තෙල් ගැමේ රාජ්‍ය උත්සවය කියලා පැලවත්තේ කාර්යාලයට යන්න ඇති ඒකට !