(වසන්ත චන්ද්‍රපාල)
පසුගිය අප්‍රේල් 21 වැනිදා මඩකලපුව සියෝන් දේවස්ථානයේ බොම්බ පිපිරීමේ සිදුවීමෙන් අනතුරුව පළමුවරට අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද එහි සංචාරයක නියැලුණහ.
පළමුව මඩකලපුව අගරදගුරු මැදුරේ විශේෂ සාකච්ඡාවක් පැවති අතර ඉන් පසුව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අග රදගුරුතුමෝ සහ මඩකලපුව ජෝශප් පොන්නයියා අගරදගුරුතුමෝ සියොන් දේවාස්ථානයට පැමිණියහ.
විපතට පත් පවුල්වල සාමාජිකයින්ගේ සුවදුක් විමසිමටද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කටයුතු කළහ.
“මඩකලපුව සියෝන් දේවස්ථානයට පැමිණෙන්න ලැබීම ගැන මා සතුටු වෙනවා. අපි මේ ස්ථානයට පැමිණියේ එදා බොම්බ ප්‍රහාරයෙන් විපතට පත් අය හමුවී ඔවුන්ට ඇති ළැදියාව පිළිබඳව සාක්කි දරන්නටයි. ඒ අය ළඟ අපි ඉන්නවා කියන්නයි අපි ආවේ. ඒ වගේම මෙම අවාසනාවන්ත සිද්ධිය වගේ දේවල් මේ ලංකා පොළොවේ නැවත නොවේවා කියා ප්‍රාර්ථනා කරන්නයි අවේ. ඒ නිසා මේ රට තුළ ජීවත්වෙන සියලුම ජන කොටස්, ආගම් අදහන සියලුම ජාතීන් තමන්ගේ අනන්‍යතාවය තුළ නිදහසේ ජීවත්වනු දැකීම අප සැමගේ ප්‍රාර්ථනාවයි.” යැයි අගරදගුරුතුමෝ එහිදී මාධ්යයටඅදහස් දක්වමින් පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කරන්නෙත් දේශපාලන කන්ට්‍රැක්ට් එකක් විතරයි. වැරදිකාරයා කව්ද කියල එළිවුණාම මෙයා නිශ්ශබ්දයි.
එතුමා ප්‍රථම වතාවට කතෝලික නොවන ක්‍රිස්තියානි දෙව් මැදුරකට පා තැබූ ඓතිහාසික අවස්ථාව...!
දේශපාලනික වශයෙන් නිවැරදි වීමට උත්සාහ නොකර ඔහු ඇත්ත කතා කරනවා. ආගම කුමක් වුවත් මිනිසුන් ඔහුට ගරු කරනවා... ඔහුව පිළිගන්නවා. ඔහු ඊළඟ පාප්තුමා වේවායි ප්‍රාර්ථනා කරනවා. එවිට ඔහුට මිනිස් වර්ගයාට විශාල සේවයක් කරන්න අවස්ථාවක් ලැබෙනු ඇත.
දේශපාලනඥයන් තමන්ගේ වගකීම පැහැර හැරීම නිසා කාදිනල් තුමාට මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න වුනා . ඒක දේශපාලන රංගනයක් හැටියට දකිනවා නම් ... දකින පුද්ගලයාගේ මානසිකත්වය තමයි අපිට පෙනෙන්නේ . ඒ අයටත් දුකක් වේදනාවක් විදින්න වුනා නමුත් අපි ඒ අයගේ දුක අහන්න ගියේ නැහැ නේ . එතකොට අපි හරි ද? යමක් කරන කෙනෙකු විවේචනය කරන්න කලින් අපි අපිවම විවේචනය කර ගන්න එක වැදගත් කියලා මට හිතෙනවා ..