
(ගයාන් සූරිය ආරච්චි)
අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියගේ පෞද්ගලික ලේකම්ගේ සැමියා ලෙස පෙනී සිටිමින් බොරැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකට සිසුන් දෙදෙනෙකු ඇතුළත් කර ගැනීමට උත්සාහ කළ සැකකරුවෙකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර්වරයෙකු ලෙස පෙනි සිට ඇතිඅතර ඉකුත් නිදහස් උළෙල දින ගුවනේ සිට පැරෂුට් පිම්මකුත් පැන ඇති බවට පවසමින් විදුහල්පතිවරයාගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කර ඇති බව පොලිසිය කියයි.
ගුවන් හමුදා නිලධාරීන් සහ අගමැතිතුමියගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කරන ඔහුගේ බිරිය බව පවසන කාන්තාවකගේද ඡායාරූප සහිත ඒ අයි තාක්ෂණයෙන් නිර්මාණය කළ ව්‍යාජ ඡායාරූප විදුහල්පතිවරයාට පෙන්වා ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
නාගරික සංවර්ධන අධිකාරියෙන් නිවාස පහක් නිවාස අවශ්‍ය අයට බෙදා දීම සඳහා සැකකරුගේ බිරියට ලබා දී ඇති බවත් ඉන් නිවාස දෙකක් විදුහල්පතිවරයාට ලබා දෙන බව පවසමින් එහි අයදුම්පත් ද විදුහල්පතිවරයාට ලබා දී ඇති බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් එම පුද්ගලයා සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත විදුහල්පතිවරයා අග්‍රාමාත්‍ය කාර්යාලයට ලිපියක් මගින් ඒ බව දන්වා ඇති අතර ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලය සොයා බැලීමෙන් අනතුරුව එවැනි පෞද්ගලික ලේකම්වරියක නොමැති බවත් මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කරන ලෙස කොළඹ දකුණ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස්ිස් අධිකාරි ලූෂන් සූරිය බණ්ඩාර මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
කූට ලේඛන සෑදීමේ සිද්ධි සම්බන්ධයෙන් මෙම සැකකරු වසර පහක සිර දඬුවම් ලබා පැමිණි පුද්ගලයකු බවත් ඔහුට නඩු හයක් පමණ තිබෙන බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කොළඹ දකුණ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරිය බණ්ඩාර මහතාගේ උපදෙස්පරිදි කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක සුපුන් බන්ඩාර පොලිස් සැර්යන් 36919 චන්දන පොලිස් කොස්තාපල් 29116 කපුකොටුව යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශුවර් එකටම පොහොට්ටු කාරයෙක් වගේ...