IMG-LOGO

අගමැතිවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය ගැන දැන්ම කිව නොහැකියි

(ඩයනා උදයංගනී)

අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවත්, එහි අන්තර්ගතය කුමක්ද යන්න දැන්ම කිව නොහැකි බවත් සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඒ ගැන කිසිවක් ඇමති මණ්ඩලයට දැනුම් දී නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

රටේ දේශපාලන තත්වය සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයන් විවිධ ප්‍රකාශ කරන්නේ යටි අරමුණු ඇතිව බව කී ඇමතිවරයා රජයේ ස්ථාවරයක් මෙතෙක් ප්‍රකාශ වී නැතැයි ද පැවසීය.

ඉදිරියේදී සිදුවන්නේ කුමක්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව කී ගොඩහේවා මහතා තව සාකච්ඡා කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවත්, හරියටම සිදුවන දේ කුමක්ද යන්න ඉන්පසු දැනගත හැකි බවත් කීය.

රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ විපක්‍ෂයත් එක්වී රජයක් පිහිටුවීමට සූදානම් නම් අගමැතිවරයාත් ඉල්ලා අස්වී නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන්නට සූදානම් බව ප්‍රකාශ වී තිබුණත්, ඒ සඳහා තාමත් විපක්‍ෂයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද ඇමතිවරයා කීවේය.

අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

රටේ ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමේදී රටේ දේශපාලන ස්ථාවරත්වය ඉතා වැදගත් බව කී ගොඩහේවා මහතා එහිදී රජයෙන් වෙන්ව ස්වාධීන වී සිටින පාර්ශව මෙන්ම විපක්‍ෂය එක්කරගෙන රජය ශක්තිමත් කර ගැනීම වැදගත් බව ජනාධිපතිවරයා ද විවිධ සාකච්ඡාවලදී සඳහන් කර තිබූ බව පැවසීය.

රජයෙන් වෙන්වූ කණ්ඩායම් සමඟ සාධනීය සාකච්ඡා පැවැත්වී ඇතැයි කී ඇමතිවරයා කැබිනට් මණ්ඩලය වෙනස් කරනවාද එක්වන අය කවුද යන්න මේ සතිය තුළ තීරණය වනු ඇතැයි සඳහන් කළේය.

වෙන්නේ කුමක් ද යන්න බලා සිටිය යුතු බව කී ගොඩහේවා මහතා  රටේ ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවක පලායාම සුදුසු නැති බවත්, දේශපාලනය පසෙක දමා සියලුදෙනා රට වෙනුවෙන් එක්විය යුතු බවත් කීවේය.

රටේ පවතින දේශපාලන තත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා නව කුඩා නව කැබිනට් මණ්ඩලයක් පත්කර රජය පවත්වාගෙන යන බවද ඇමතිවරයා පැවසීය.

ජාතික එකඟතා ආණ්ඩුවක් පත්වනවා නම් එහිත් අග්‍රාමාත්‍යධූරය දරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාම බවට බැසිල් රාජපක්‍ෂ මහතා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ බැසිල් රාජපක්‍ෂ මහතා අදහස් කර ඇත්තේ පිහිටුවන එකඟතා ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස පොදුජන පෙරමුණ යෝජනා කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාය යන්න බවයි. අගමැතිවරයා ඔහු හෝ වෙනත් අයකු විය හැකි බව ද ගොඩහේවා මහතා කීවේය.



අදහස් (0)

අගමැතිවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය ගැන දැන්ම කිව නොහැකියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 669 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1068 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site