IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අගමැතිනිය ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් හමුවෙයි

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරු අතර හමුවක්  පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්විණි.

ගැලවීමේ හමුදාවේ අඥාපති කර්නල් නිහාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (13)

අගමැතිනිය ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් හමුවෙයි

ජිල්බු Saturday, 11 January 2025 01:30 PM

ඊළඟ හමුවට එන්නේ ජාත්‍යන්තර ඇලවීමේ හමුදාව වෙන්න ඕනෑ. පෝස්ටර් ගහන අයත් ඔය වැඩේ කරනවා. කොච්චර ගැලෙව්වත් වැඩක් නෑ...

:       1       88

Krishan Saturday, 11 January 2025 01:56 PM

ගැලවීමේ හමුදාව නැත්තන් Salvation Army කියන්නේ ගෝලීය ක්‍රිස්තියානි සංවිධානයක්. ඒකේ අරමුණ තමයි වෙනත් ආගම්වල අයට සල්ලි දීලා ඒ ආගම් වලින් ගලවලා ක්‍රිස්තියානි කරණය කිරීම... හරිනි කියන්නේ ලාල් විජේනායක කමි‍ටුවේදී ලංකාවේ බුදු දහමට ව්‍යවස්ථාවෙන් ඇති ප්‍රමුඛස්ථානය නැතිකළ යුතු බව කියූ කෙනා. දැන් තේරෙනවානේ කාටද එන්නේ කියලා...?

:       13       130

බකල ජයාSaturday, 11 January 2025 03:30 PM

බුදුන්වහන්සේ ප්‍රතික්ෂේප කළ කුලබේදය අද ලංකාවේ වැඩියෙන්ම පවත්වගෙන යන්නේ, මුදල් රැස්කිරීම, බහුභාන්ඩිකතාවය සහ ශාසනයට වැඩිම හානිය කිරීම වගේ දේවල් කරන්නේ ගැලවීමේ හමුදාව නොවන බව Krishan මහතාට දැනගැනීම පිණිස ලියා තබමි...

:       86       22

බකල ජයාSaturday, 11 January 2025 07:19 PM

22.5 මිලියනයක් රතු පාට අත ඇල්ලුවත් හරිදේ කීම නිසා ආත්ම අභිමානයක් දැනෙනවා. ගැලීලියෝ ඉර වටේ පෘථිවිය යනවා කියපු සත්‍යය දරාගන්න බැරිවූ එකල ඉතා බලවත් ආයතනවලටම පසුකාලෙක සමාව ඉල්ලන්න සිදුවුණු බව මානව ඉතිහාසයේ වාර්තාගත වී ඇත. බුදුන් තම ජීවිතයෙන් දුන් ආදර්ශය නම් බමුණු දර්ශනය ප්‍රතික්ෂේප කිරීමයි. අද ශ්‍රී ලාංකික සමාජය කරගහගෙන යන්නේ එම බමුණු මතවාදයමයි. එම සමාජය වෙනත් වේශයකින් ඉන්නා බමුණන් වන්දනාමාන කරයි.

:       24       11

අනුන්ගේ රොඩ්ඩ තමන්ගේ පොල් පරාලෙට වඩා ලොකුයිනේSaturday, 11 January 2025 10:23 PM

බකල ජයා මහත්මයා, ලංකාවේ වැඩිම ඉඩම් තියෙන්නේ පන්සල් වලටද පල්ලි වලටද කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ... වෙන එකක් ඕනෑ නෑ. කොළඹ පල්ලි තියෙන ඉඩම් ටික බලන්නකෝ. සුපිරිම ඉඩම් වල තියෙන මහා මන්දිර වගේනේ. පන්සල් තියෙන්නේ පර්චස් 15-20 පුංචි ඉඩම් කෑලිවල... එහෙම තියාගෙනත් ඒ පුංචි ඉඩමේ හුන්ඩුවක් වගේ ඒ වගේ ඇද තමයි හොයන්නේ. ඔයත් ඒ සමාගමේ ලොක්කෙක් වගේ...

:       0       3

වෑල්ඩින් ආචරියාSaturday, 11 January 2025 10:42 PM

ගැලීලියෝ ඉර වටේ පෘතුවිය යනවා කිව්වාම එයාව අල්ලලා මැරෙනකන් හිරේ දැම්ම අය එනවා අපිට බමුනෝ ගැන උගන්නන්න. බකල ජයා, හාල් ලාභද? පොල් කීයද? සැමන් 380ට කෑවාද? ත්‍රීවිල් එකේ කෑලි ටික ගලෝගත්තා නේද? විලි ලැජ්ජයි නේද? පාස්කුවත් අමතකයි නේද? ‍රැව‍ටුනා නේද? දැන් සැපද..?

:       0       3

ඩිලිප් ජයවීරSaturday, 11 January 2025 09:45 PM

ජන සන්හාර කරමින් අනිත් රටවල් ආදිපත්‍ය යට කරමින් වහල් කම පාවිච්චි කරමින් රටවල් ගොඩ නගමින් යන්නේ බෞද්ධ රටවල් නෙමෙයි

:       0       5

Indika Saturday, 11 January 2025 02:51 PM

මෙයාලා ගලවනවා කියන්නේ වෙන ආගම්වලින් ගලෝලා තමන්ගේ ආගමට අලෝගන්න එකයි.

:       7       78

ඉන්දි ගම් Saturday, 11 January 2025 03:20 PM

මංගල මහත්තයා කිව්වනේ ඒ කාලේ තව කව්ද ජෙනරාල් කෙනෙක් සැල්වේෂන් ආමි එකට වත් හරියන්නේ නැහැ කියලා... එයා දැන්නම් සුදුසුකම් සපුරලා ඇති හොඳටම.. ලොක්කත් ඇවිත් ඉන්න වෙලාවේ පොඩි උත්සාහයක් කළොත් ඇතුලට යාගන්න බැරිවෙන එකක් නෑ නේ...! 

:       2       28

මගෝ ඩිගො ඩයි Saturday, 11 January 2025 06:01 PM

ලංකාවේ බෞද්ධ සෙට් එකටම එක මිටට තියලා ගලවලා දෙන්න වගේ හදන්නේ. හොඳ වැඩේ. ඔවුන් දන්නෙත් නැතුවම දැනටමත් බාගෙට ක්‍රිස්තියානි කරලා තියෙන්නේ මාලිමාව. නිරාගමික කියලා ආපු නායකයෝ ඔක්කොම ඉරිදාට පල්ලි යන අය. අපි නොදන්නවයෑ...

:       6       25

Sandakalum Saturday, 11 January 2025 10:47 PM

බුද්ධ ශාසන ඇමැතිත් ක‍තෝලික කොට අනිත් අය ගැන කවර කතාද? අපරාදේ කියන්න බෑ ලස්සනට හානවා මේ ආණ්ඩුව...

:       0       4

සිංහල නිංජා Sunday, 12 January 2025 12:02 AM

අපි බය වෙන්න ඕනෑ අලවන හෝ ගලවන අයට නෙමෙයි. අපිව මරන්න හදන අයටයි. ව්‍යාප්ත වාදය යට වැඩ...

:       1       1

සෙනෙවිරත්න Sunday, 12 January 2025 11:49 AM

කොරහේ කිඹුල්ලු දකින අය ඔය කියන ජාත්‍යන්තර සංවිධානයට එරෙහිව පිකට් එකක් කරන්න. ආගම්වලට හරවනවා කියලා... මෙහෙමත් කුහකයින්... අපිට නම් ආගම් ඇතිවෙලා, රටේ පරිසර විනාශ කරලා කොන්ක්‍රීට් වනාන්තර හදන්නේ නැති ආගමක් හොයාගන්න වෙලා...

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site