
(අංජුල මහික වීරරත්න)
එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැති "2026 OSGA වාර්ෂික දේශනය" (2026 OSGA Annual Lecture) සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූවාය.
එහිදී අග්‍රාමාත්‍යවරිය “සංවර්ධනයේ දේශපාලනය, ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට” (The Politics of Development: Sri Lanka and Beyond) යන තේමාව යටතේ දේශනයක් කළාය.
කාලීන ගෝලීය අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ විද්වතුන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෘත්තිකයන් එක් කරන ඔක්ස්ෆර්ඩ් ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශයේ ප්‍රමුඛතම වාර්ෂික වැඩසටහනක් වන අතර ඔක්ස්ෆර්ඩ් ගෝලීය සහ කලාපීය අධ්‍යයන අංශය' (OSGA) විසින් සංවිධානය කර තිබු මෙම දේශනය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ඇන්තනි විද්‍යාලයේ දී (St Antony’s College) පැවැත්විණි.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිසුන්, විද්වතුන් සහ පර්යේෂකයන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලය ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ සංවර්ධනය, පාලනය සහ දේශපාලනය අතර පවතින අන්තර් සබඳතාව පිළිබඳව අදහස් දැක්වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd