
(බී.ජී. චතුරංග)
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ තීන්දු බලරහිත කරන්න අගමැති කතා කරනවා නම් රටේ අධිකරණ වහල දාලා, දිනේෂ් ගුණවර්ධන නඩුකාර ලෝගු ඇඳ ගෙන පාර්ලිමේන්තුවේ නඩු ඇසිය යුතු යැයි, මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුණ වැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
පොලිස්පතිවරයා පත් කරලා තිබුණේ කථානායකවරයා වැරදි අර්ථකථනයක් දීලා නිසා තමයි එය අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තිබුණෙ. තාවකාලිකව පොලිස්පතිවරයාගෙ වැඩ අත්හිටුවන්න. ඒ අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න ආණ්ඩු පක්ෂ ජනාධිපතිවරයා හෝ ව්‍යවස්ථාදායකය බැඳිලා ඉන්නවා. දැන් කියනවා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් දුන්න එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය බල රහිත කළ යුතුයි කියලා, එහෙනම් මේ අධිකරණ ඔක්කොම වහලා දාලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා නඩු අහන්න කියන්න ඕන දිනේෂ් ගුණවර්ධන.
එහෙනම් අගමැති ඔතන ඉන්නෙ නැතුව නඩුකාර ලෝගු ඇඳ ගෙන ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඕනෙත් නෑ. මහා අධිකරණය ඕනෙත් නෑ කියලා. එයා ප්‍රකාශයක් කරන්න ඕනේ. මෙහෙම නඩු තීන්දු ඕන්නෑ, අපි තමයි නඩුව අහන්නේ කියලා. කැකිල්ලේ තීන්දු දෙන්නේ පාර්ලිමේන්තුව.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නා හිමියෝ ඒ බව පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති වරයා තාවකාලිකව ඉවත්ව සිටියදී වෙනත් පොලිස්පතිවරයකු පත් කිරීමට නීතියෙන් ඉඩ නැතිනම් එය තීන්දුව දුන් අධිකරණයේ වරදක් නොවේ. ව්‍යවස්ථාව එම නීතිය වහා පැනවිය යුතුය. 6 - 5 කිරීමේ නීති සංශෝධනයට තිබු උනන්දුව මෙයට නැත්තේ ඇයි?
හමුරුවන්ට තියෙන්නේ පංචසීලේ රකින්න . කාටවත් ද්වේශ නොකරන්න කියලා මන් හිතුවේ
සෑම දෙනාම කරන්නේ තමාට හිමි කාර්‍ය අත්හැර කිසිසේත්ම අයිති නැති කාර්යන් . භික්ෂුන්ට හිමි කාර්ය කුමක්ද?බුදුන්වහන්සේ දේශනා කලේ."මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස සැරිසරව් "
සුද්දා අපිට රට භාරදීල යද්දී හදපු නීති තාම එලෙසම තියෙනවද කියලා හිතෙනවා ඒවා අදට හා රටට ගැලපෙන ආකාරයට සංශෝධනයක් කරල නැහැ කියලත් හිතෙනවා සියලු නීති වලට වඩා ජනතා පරමාධිපත්තිය ඉහලින් තියෙනවා නම් ජනතාව පත්කල පාර්ලිමේන්තුවට ඒ බලය තියෙන්නම ඕන නේ එහෙම නම් එම ආයතනය තමයි වඩා ඉහලින් තියෙන්න ඕන
නිශාන් සහ මිලින්ද දෙපල ගැන සතුටුයි. ඔබ හරියටම හරි. මේ වෙලාවේ පාර්ලිමේන්තුව ගන්න තීරණ අපේ හිත සතුටු කරන ඒවා නොවුනත්, ජනතා ඡන්දෙන් පත් කරපු ආයතනෙට වැඩි බලයක් හිමියි. ඒක ප්‍රජාතන්ත්‍රවාදේ ප්‍රබල ලක්ෂණයක්.
පොලිස්පති මිනිහෙක් මරලා අහුවුනොත්. අල්ලසක් අරන් අහුවුනොත් මුකුත් කරන්න බෑනේ. මාරයිනේ...!