(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පවසමින් ඩෙන්මාර්කයේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ හය ගාණේ එකතු කරන කණ්ඩායම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.
මේ සිද්ධියට තමා හීනෙකින්වත් සම්බන්ධ නැතැයි පැවසූ අගමැතිවරයා මෙවැනි වැඩ කරන අයට දැඩි දඬුවම් දිය යුතු බවද ප්‍රකාශ කළේය.
අගමැතිවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
මම කාරණයක් ගැන අගමැතිතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි.මම කොහොමත් විශ්වාස කරන්නෙ නැහැ මේකට ඔබතුමාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඔබගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පවසමින් එක්තරා පුද්ගලයෙක් සහ කණ්ඩායමක් ඩෙන්මාර්කයේ රැකියා දෙන බව පවසමින් මේ රටේ තරුණයන්ගෙන් මුදලින් රුපියල් ලක්ෂ 6 බැගින් එකතු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලනවා.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා
විපක්ෂනායකතුමා මේ ප්‍රශ්නය අහපු එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. මේ සිද්ධියට මම හීනෙකින්වත් සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේම මගේ ආයතනයක් සම්බන්ධ වෙලාත් නෑ. ඒ පරීක්ෂණය රහස් පොලිසියට බාර දීලා දැන් කරගෙන යනවා. අපේ රටේ විවිධ අයගෙ නම් පාවිච්චි කරලා මේ වගේ ජාවාරම් යනවා. මේ අයට දැඩි දඬුවම් දිය යුතුයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අගමැතිගේ නම විකුණන කණ්ඩායමක් ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්
namal Tuesday, 28 November 2023 01:31 PM
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
Perera Tuesday, 28 November 2023 06:24 PM
මේ වගේ ලාබ බාල දෙයක් ඇරෙන්න වෙන විකුනන්න දෙයක් මුන්ට තිබුනෙම නැද්ද?