(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා විදේශ රටවල් අතර "මූල්‍ය පාලමක්" ගොඩනගා ගත හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹෙන ගිවිසුම මත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින අතර මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි බලාපොරොත්තු තැබිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වසරේ ණය ඇතුළු සෙසු ආපසු ගෙවීම් සඳහා ඇමරිකා ඩොලර් බිලියන පහක ඉලක්කයක් ඇති අතර තවත් ඇමරිකා ඩොලර් බිලියනයකින් රටේ සංචිත ඉහළ නැංවිමට ද ඉලක්ක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒකාබද්ධ වාණිජ මණ්ඩලය, ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය ඇතුළු වෙළෙඳ සංගම් නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් පරිත්‍යාගශීලී රටවල් සමග තවදුරටත් සාකච්ඡා කරන බව කී අග්‍රාමාත්‍යවරයා ජපානය සමඟ තිබූ සබඳතා බිඳ වැටී ඇති අතර එම සබඳතා යථා තත්ත්වයට පත්කර ඔවුන්ගේ විශ්වාසය යළි ඇතිකර ගැනීමට යම් කාලයක් ගත වනු ඇති බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් දැන් හදන්නේ වංගුවක් ගහල මෙයාගේ බොරු කපටි කතා කියල රට්ටුන් රවට්ටිමය් මේ කරන්නේ. අගමැති වුන දවසේ ඉදන් ඩොලර් කෝටි ගනම් රටවල් වලින් නයට ගන්නවා, සල්ලි ට්‍රිලියන ගනම් අච්චු ගහනවා...මේ කරන්නේ පරණ සෙල්ලමම තමි. මෙයින් වෙන්නේ රට තව තව වලපල්ලට යනවා මිසක් අලුත් ආණ්ඩු පාලනයකට රටට යන්න නොලැබෙන එකි. මේක මහා සහ ගහන අපරාදයක්.
හොරකම් කරපු මුදල් නැවත ගන්න බලන්න මේ වෙලවෙ අහිංසක ජනතාව ගැන හිතන්න.
ණය සහ ආධාර මතම නොයැපෙමින් උගත් පාඩම් ඇතිව නිෂ්පාදන , අපනයන , කෘෂිකර්ම යන මූලික සාධක ඇතිව රට තනියම නැගිටින තැනකට ගෙන ඒමට මොවුන් සමත් වේවා ! මෙපමන කලක අත්දැකීම් ඇතිව බලන කල ගරු සිරුමාවෝ මැතිණිය හැර වෙන කිසිවෙකු එවැනි අරමුණක සිටියා දැයි සැක සහිතය.
මෙයාගේ ඉලක්කය තමයි ලංකාව කෑලි කෑලිවලට හරි විකුණලා මෙයා අගමැති වෙලා ඉන්න ගමන් ජනාධිපති වෙන්න උත්සාහ කරන එක... රටටයි, ජනතාවටයි හෙණ ගැහුවත් මෙයාට කමක් නැහැ...
ඉලක්කය හොඳයි.. ළං වෙන්නවත් පුළුවන් වෙයිද? මේ ඉන්නේ කට්ටියත් එක්ක...