(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල නායකයෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කා නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන අරුණ සමීර නැමැති පාතාල සාමාජිකයා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද (04) මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අංගොඩ ලොක්කා ලබාදෙන නියෝග මත විවිධ පුද්ගලයන්ගෙන් කප්පම් මුදල් එකතු කරන ලද තැනැත්තා බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd