තමා රජකිරුළ අතහැරීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ටොකියෝ නගරයේදී ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධිරාජ්‍යයා ලෙස අවසන් වතාවට මහජනයා අමතමින් ඔහු මේ බව පවසා ඇත.
වසර 200ක පමණ ඉතිහාසයේ ජපන් අධිරාජ්‍යයෙකු ස්වේච්ඡාවෙන් කිරුළ හැර යන ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හා වයස්ගතබව හේතුවෙන් මෙම තීරණය ගත්බව 85වන වියේ පසුවන අකිහිතෝ අධිරාජ්‍යයා ප්‍රකාශ කර ඇත.
ජපානයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් නරුහිතෝ කුමරු මීළඟ රජු ලෙස එළඹෙන බදාදා දිනයේ කිරුළු පළඳින බව ජපන් බලධාරීහු පවසති.
නරුහිතෝ කුමරු ජපානයේ 126 වන අධිරාජ්‍යයා වේ.
ජපානයේ අධිරාජ්‍යයාට කිසිදු දේශපාලනික බලයක් නොමැති අතර ඔහු ආගමික නායකයෙකු ලෙස පෙනී සිටියි.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකට අපේ රිලා රූන ....බලන්න එපෑය ලොං හැලිලත් හැරමිටියෙන් එන්නේ දියවන්න ඔයේ ඌරු කොටුවට....