IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ

(නිමල කොඩිතුවක්කු)

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධාත්වයෙන් ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

අඩු ආදායම්ලාභී රෝගීන් සඳහා ක්‍රියාත්මක කෙරෙන අක්ෂි කණ්ණාඩි ලබාදීමේ ව්‍යාපෘතිය සමාරම්භ කරමින් සංකේතාත්මකව අඩු ආදායම්ලාභී අක්ෂි ආබාධවලින් පෙළෙන රෝගීන් 25 දෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි ලබාදීම ද මෙහිදී  සිදු කෙරිණි.

ජාතික අක්ෂි රෝහලේ රෝගී දත්ත පරිගණක ගත කිරීමේ මුලික ක්‍රියාවලිය යටතේ රෝගීන්ගේ දත්ත එක්රැස් කිරීම සදහා වන පොත හඳුන්වාදීමද මෙහිදී සිදුකෙරිණ.

අක්ෂි රෝහලේ  මහල් 03 කින් සහ ශල්‍යාගාර 06 කින් සමන්විත ශල්‍යාගාර සංකීර්ණය ඉදිරියේ දී ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරිමට හැකියාව ලැබෙනු ඇති බව ද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා එහිදී  පැවසීය.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනයට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවට කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ඒ.ආර්.එම් තවුෆික්, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරුන් ඇතුලු පිරිසක්  එක්ව සිටියහ.



අදහස් (0)

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site