(මොහොමඩ් ආසික්)

මහනුවර - මාතලේ මාර්ගයේ හතේ කණුව ප්‍රදේශයේදී කොන්ක්‍රිට් මිශ්‍රණ ප්‍රවාහනය කරන ලොරියක් පෙරලමෙන් වාහන 10කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.

මෙම අනතුරින් 5 දෙනකු පමණ මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තාවේ.

ත්‍රිරෝද රථ හතරක්, ලොරි රථ දෙකක්, යතුරු පැදි තුනක් අනතුරටපත් වාහන අතර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.