
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද සවස් කාලයේ සිට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටවිය.
අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම හේතුවෙන් නගරය ජලයෙන් යට වූ අතර පැය කිහිපයක් වාහන ගමනාගමනයදට බාධා එල්ල වී තිබිණ.
මාසයක් වැනි කාලයත් තුල අකුරණ නගරය ජලයෙන් යට වු තෙවන අවස්ථාව මෙයයි. නගරය ජලයෙන් යටවිම හේතුවෙන් ඒ ආශ්‍රිත පහත් බිම්ද ජලයෙන් යටවන අතර දැඩි හානිද සිදු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ෂාහ් අල්ලාහ්...!
අපි පොඩි කාලේ අකුරන නගරයේ එක පැත්තකින් තිබුණේ පිගා ඔය. මිනිස්සු නානවා රෙදි සෝදනවා. ඔය ගොඩක් පළලයි... ටිකින් ටික ඔය අයිනේ බැමි බැඳ ඔය අතුරුදන් වුණා. ලොකු ගොඩනැගිලි ඉදිවුණා. අවසාන ප්‍රතිඵල නෙලා ගනිමින් ඉන්නවා. සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. මහ එවුන් කරපු වරදට දෙවැනි පරපුරේ එවුන් පරිප්පු කනවා.