IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අක්කර බාගෙට ලක්ෂ 60ක් දෙන දෙළුම් ප්‍රභේද දෙකක් එයි

(අංජුල මහික වීරරත්න)

අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 60 ක ආදායමක් ලබා ලබාගත හැකි මෙරට වගාවට සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින්  කළ පර්යේෂණ සාර්ථක වී තිබේ.

මේ වනවිට එම දෙළුම් ප්‍රභේද දෙක නොරොච්චෝලේ ප්‍රදේශයේ සාර්ථකව වගා කර ඇති අතර එක් ගසකින් වරකට කිලෝග්‍රෑම් 10ක  අස්වැන්නක් ලබා ගැනීමට හැකි අතර අවුරුද්ද පුරාම ඵල හට ගැනීම සුවිශේෂී බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.මෙම එක් දෙලු ම් ගසක ආයු කාලය වසර 30කි.

දැනට මෙම නව දෙළුම් ප්‍රභේද දෙක වගා කිරීම සදහා උචිත ප්‍රදේශ හදුනාගැනීම සඳහා ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කෙරෙන අතර මෙම නව ප්‍රභේද දෙක සදහා මෙතෙක් නාමකරණය කර නැති අතර බෝග නිදහස් කිරීමේ කමිටුවේ නිර්දේශ ලද වහාම එම නව දෙළුම් ප්‍රභේද දෙක සඳහා නම් තැබීමට නියමිත බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නාය.

කෘෂිකර්ම අමාත්‍යවරයා නොරොච්චෝලේ වගා කර ඇති එම දෙළුම් වගාව නිරීක්ෂණය කළේය.

එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ වසරකට  දෙළුම් ආනයනය සඳහා රුපියල් මිලියන 900ක් පමණ වැය වන අතර නව දෙළුම් ප්‍රභේද වල වගා ඇරැඹූ පසු මෙරටට  දෙළුම් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවයි.



අදහස් (2)

අක්කර බාගෙට ලක්ෂ 60ක් දෙන දෙළුම් ප්‍රභේද දෙකක් එයි

Perera Tuesday, 17 October 2023 11:58 PM

එහෙනම් අවුරුද්දකින් විතර රටෙ ආර්තික ප්‍රශ්න සෙරම ඉවර කරල දාන්නා පුලුවන් වෙයි..

:       7       36

සෙනෙවිරත්න Wednesday, 18 October 2023 12:31 PM

දකුණු පළාතේ නම් හිටවන්න පුළුවන් වල් හබරල විතරයි. මේ කරුම වැස්ස අහස හිල්වෙලා වගේ අවුරුද්දෙන් වැඩිකාලයක් වැටෙනවා. කිසිම භෝගයක් කරන්න බැහැ. පුළුවන් නම් වල් හබරල, ගිරාපලා වගේ ජාති අපනයනය කරන්න රටක් හොයලා දෙන්න...!

:       1       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site