(අංජුල මහික වීරරත්න)
අක්කර භාගයකින් රුපියල් ලක්ෂ 60 ක ආදායමක් ලබා ලබාගත හැකි මෙරට වගාවට සුදුසු නව දෙළුම් ප්‍රභේද දෙකක් හඳුන්වා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයින් කළ පර්යේෂණ සාර්ථක වී තිබේ.
මේ වනවිට එම දෙළුම් ප්‍රභේද දෙක නොරොච්චෝලේ ප්‍රදේශයේ සාර්ථකව වගා කර ඇති අතර එක් ගසකින් වරකට කිලෝග්‍රෑම් 10ක අස්වැන්නක් ලබා ගැනීමට හැකි අතර අවුරුද්ද පුරාම ඵල හට ගැනීම සුවිශේෂී බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.මෙම එක් දෙලු ම් ගසක ආයු කාලය වසර 30කි.
දැනට මෙම නව දෙළුම් ප්‍රභේද දෙක වගා කිරීම සදහා උචිත ප්‍රදේශ හදුනාගැනීම සඳහා ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කෙරෙන අතර මෙම නව ප්‍රභේද දෙක සදහා මෙතෙක් නාමකරණය කර නැති අතර බෝග නිදහස් කිරීමේ කමිටුවේ නිර්දේශ ලද වහාම එම නව දෙළුම් ප්‍රභේද දෙක සඳහා නම් තැබීමට නියමිත බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නාය.
කෘෂිකර්ම අමාත්‍යවරයා නොරොච්චෝලේ වගා කර ඇති එම දෙළුම් වගාව නිරීක්ෂණය කළේය.
එහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ වසරකට දෙළුම් ආනයනය සඳහා රුපියල් මිලියන 900ක් පමණ වැය වන අතර නව දෙළුම් ප්‍රභේද වල වගා ඇරැඹූ පසු මෙරටට දෙළුම් ආනයනය කිරීමට අවශ්‍ය නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අවුරුද්දකින් විතර රටෙ ආර්තික ප්‍රශ්න සෙරම ඉවර කරල දාන්නා පුලුවන් වෙයි..
දකුණු පළාතේ නම් හිටවන්න පුළුවන් වල් හබරල විතරයි. මේ කරුම වැස්ස අහස හිල්වෙලා වගේ අවුරුද්දෙන් වැඩිකාලයක් වැටෙනවා. කිසිම භෝගයක් කරන්න බැහැ. පුළුවන් නම් වල් හබරල, ගිරාපලා වගේ ජාති අපනයනය කරන්න රටක් හොයලා දෙන්න...!