
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි නුවර, රිංකි, පිංකි නමැති නිවුන් සොහොයුරියන් දෙදෙනකු එක මනාලයකු සමග විවාහ වීමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මනාලයා 36 හැවිරිදි අතුල් උත්තම් යුතාදේ ය. මොහු මුම්බායි නුවර සංචාරක ඒජන්සියක් පවත්වාගෙන යන්නෙකි. මංගල උත්සවය උත්සවශ්‍රීයෙන් සෝලාපූර්හි පැවැත්වූයේ පසුගිය සිකුරාදා දිනයේය.
ඉන්දීය පුවත් සේවා ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් මංගල උත්සවයට විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර, උත්තම් යුතාදේ පොලිසියේ ද අවධානයට ලක් විය.
බහු විවාහ චෝදනා එල්ල වුණු ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බවත්, චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් වසර 7 ක සිර දඩුවමක් හිමිවනු ඇති බවත් එන්.ඩී.ටීවී. පුවත් සේවය පවසයි.
විවාහ වී එකිනෙකාගෙන් වෙන් වී සිටීමට අකමැති බැවින්, තමන් එකම සැමියකු තෝරා ගත් බව රිංකි පිංකි පඩ්කොංගාර් නිවුන් සොහොයුරියන් පවසා තිබේ.
මව සහ පඩ්කොංගාර් පවුලේ ඥාතීන්ගේ කැමැත්ත සහ ආශිර්වාදය මැද මංගල උත්සවය පැවැත්විණි. සොහොයුරියන් දෙදෙනාගේ පියා ජීවතුන් අතර නැත.
රිංකි පිංකි හොඳ අධ්‍යාපනයක් ලබා ඇති අතර, තොරතුරු තාක්ෂණ අංශයේ රැකියාවල නියැලී සිටිති.
(එන්.ඩී.ටීවී)
COMMENTS
ඕක නීති විරෝධී නිසා තමයි ලංකාවේ මිනිස්සු හොරෙන් තියාගෙන ඉන්නේ.
ඉන්දියාව ගැන මොන කතාද.?
සුද්ධෝධන රජජුරුවෝ මහාමයා දේවියයි ප්‍රජාපතී දේවියයි තියාගෙන හිටපු එක ගැන මොනාද උපාසක අප්පුලට කියන්න තියෙන්නේ?
කොහොමටත් අමු හින්ගලෙන්, කසාද බදිනවට කියන්නෙ හිර ගන්නව කියල නෙ. එ නිසා ලන්කවෙ ඔය වරදට වෙන සිර දඩුවම් දෙන්නෙ නැහැ. මට මතක හැටියට රුපියල් 150 ක දඩයක් තමා ගහන්නෙ.
ලන්කාවෙ රිච් මනමාඅලයො හොය හොය ඉන්න කිසිම කොලිෆිකෑසන් එකක් නැති අර අනු සහ කනූට ධම්මික පෙරේරව බඳින්න පුලුවන් මේ වගේ
මගෙ වාසනාවට - මම බැදඩලා ඉන්න එක්කෙනාගෙ නිවුන් සහෝදරියට නම් ඔයවගේ අදහසක් පහල උනෙ නහැ නෙ.
ලංකාවේ වෙන්නේ මේකේ අනිත් පැත්ත. අයියා මලෝ එකතුවෙලා එක නංගියෙක්ව තියාගෙන එකගෙයි කනවා. නංගිට සැපම තමයි.
අසල් වැසි රටෙ තොරතුරු පලකිරිම අගය කරනව එය පමා වී හො සිදු කිරිම වටිනව අයිතිහාසික උරුමයන් ගෙන එ් ස්තන ගැන වැදගත් තොරතුරු පලකරනව නම් අගය කරනව
නෙදකින්
ඔය කසාඳ සහතිකය ගෙනාවේ සුද්දෝ. ලංකාවේ 20 වැනි ශතවර්ෂයේ මුල හා ඊට පෙර කසාද සහතික තිබුණේ නැහැ. ඉන්දියාවේ රජවරුන්ට බිරින්දෑවරු කොපමණ හිටියද? අක්බාර් රජුට ජෝදා විතරක් නෙවෙයි. 300 ක අන්තපුරයක් තිබුණා. අනේ මන්දා දැනුත් පිරිමි හොරෙන් බිරින්දෑවරු තියාගෙන ඉන්නවා. අප්‍රිකාවේ සහ මුස්ලිම් ආගම අදහන අයත් බිරින්දෑවරු 4 ක් තියාගෙන ඉන්නවා. කොහේද වැරදුනේ?? සුද්දගෙ කසාද කොළේද?
හනිමූන් එක තහනම් බටහිර චිත්‍රපටියක වගේ තුන්දෙනාම සහයෝගයෙන් ක්‍රියාත්කම කරගන්න ඇති.
මම මේ බැලුවේ කුණු රසයට ලංකාවේ මිනිස්සු මොනතරම් ලොල් ද කියලයි.. අනුන්ගේ කෙහෙල් මල් හොයන්නේ නැතිව, තමුන්ගේ දෙයක් බලා ගනිල්ලා අඥාන මිනිසුනේ. අන්තප්පුර, එකගෙයි කාපු සංස්කෘතියක් තිබුන අය හරියට මෙතන කතා කරන්නේ ශීලාචාර සංස්කෘතියකට උරුම කම් තියන කිසිවක් නොදන්නා බබාලා වගේනේ.
එයාලට හොඳ නම් ඔයාලට මොකෝ.
ඉංග්‍රීස් වලින් කියන්නේ ත්‍රීසම් කියලා.
බහුවිවාහයකට ලංකාවේ තහනම්... ඒකට දඩයක් සහ සිර දඬුවමක් ලබන්න පුළුවන්.. ඒ නිසා මේ වගේ දේවල් ආදර්ශයට නොගත යුතුයි. ලංකාවේ පැරැණි ක්‍රමයට බහු විවාහ තිබුණත් ඉංග්‍රීසීන් විසින් එය තහනම් කළා. නමුත් මුස්ලිම් විවාහය තුළ තවමත් බහු විවාහය පවතිනවා. එක රටක්, එක නීතියක් අවශ්‍යයි කියන්නේ ඒකයි.
දැන් ලෝකයේ බොහෝමයක් රටවල්වල කාන්තාවන්ට වඩා පිරිමි ඉන්නේ අඩුවෙන්... එක පිරිමියෙක් එක කාන්තාවක් එක්ක විවාහ වුණොත් සමහර කාන්තාවන්ට විවාහ නොවී ඉන්න වෙනවා. නැතිනම් රහස් සම්බන්ධතා පවත්වන්න වෙනවා. එනිසා බහු විවාහයකට ඉඩදිය යුතුයි. බහු විවාහය තහනම් කිරීමෙන් කාන්තාවන් පිරිසකට නීත්‍යානුකූලව විවාහ වීමේ අයිතිය නැතිකර තිබෙනවා.