IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites  සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10  පසුගියදා විවෘත කළේය.

එය කොළඹ නගර සීමාව තුළ නිසංසල සහ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඕනෑම අයකුට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි මහල් නිවාස සංකීර්ණයකි. මෙම ව්‍යාපෘතියේ දැකිය හැකි කැපී පෙනෙන නවතම වාස්තු විද්‍යාත්මක සැළසුම ක්‍රියාකාරී ජීවන අවකාශ සහ සෞන්දර්යාත්මක බව එකට කැටි කර ගත් එකකි.

ඒ තුළ නාගරික පරිසරයක සම්ප්‍රදායේ සහ නවීනත්වයේ සුසංයෝගයක් පිළිබිඹු වේ.  නාගරික පරිසරයක් මධ්‍යයේ පිහිටි මෙම අපූරු මහල් නිවාස සංකීර්ණයේ නිවාස හිමියන්ට නවීන පහසුකම්වලින් සමන්විත කායවර්ධන මධ්‍යස්ථාන, මනරම් පරිසරයක් සහිත උද්‍යාන සහ අවට පරිසරය ඉතා හොඳින් දැකීමට ඉඩ සළසන ඉහළම මහලේ පිහිටි විවේකාගාරය වැනි බොහෝ පහසුකම් අත්විඳිය හැකිය.

සෑම විටම පරිසර හිතකාමී සහ තිරසාර බවට ප්‍රමුඛතාව දෙන Westbury Suites සමාගම බලශක්තිය ඉතිරි කරන විදුලි ආලෝක පද්ධති, වැසි ජලය රැස් කරන ඒකක සහ හරිත අවකාශ වැනි බොහෝ අංග මෙම මහල් නිවාස සංකීර්ණයට එක් කර ඇත. ප්‍රධාන පෙළේ අධ්‍යාපන ආයතන, සෞඛ්‍ය සේවා ආයතන, බැංකු හා අනෙකුත් මූල්‍ය සමාගම් සහ ව්‍යාපාර මධ්‍යස්ථානවලට නුදුරින් Westbury Residencies- Colombo 10  මහල් නිවාස සංකීර්ණය පිහිටා තිබේ. එමඟින් නගරයේ හදවත වැනි ස්ථානයක ජීවත්වීමට නිවාස හිමියන්ට අවස්ථාව ලැබේ.

-595



අදහස් (0)

Westbury රෙසිඩන්සීස් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site