ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei (හුවාවේ) සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී අනුබද්ධ සමාගමක් වන, සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම සමඟ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වන එන්ටර්ප්‍රයිස් සොලියුෂන්ස් ක්ලවුඩ් (Cloud) සහ පරිගණක භාවිත කෘත්‍රිම බුද්ධි විසඳුම් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට සේවා සැපයීමේ හවුල්කාරිත්වයකට පසුගියදා එළැඹියේය.
“පසුගිය දශකය තුළ බොහෝ තාක්ෂණික විප්ලව සිදුවී ඇත. අන්තර්ජාල විප්ලවය, ජංගම දුරකථන විප්ලවය සහ සමාජ මාධ්‍ය විප්ලවය මින් කිහිපයකි. කෙසේ වෙතත් මෙම වෙනස්කම්වලට අනුගත නොවූ සංවිධාන රාශියක් ශ්‍රී ලංකාවේ ඇත. සොෆ්ට්ලොජික් හි අප උත්සාහ කරන්නේ ඩිජිටල්කරණයට පරිවර්තනය කිරීමට ඔවුන්ට උපකාර කිරීමයි. සොෆ්ට්ලොජික් හි අපට මෙම පරිවර්තනය සිදු කිරීම සඳහා ආයතනවලට උපකාර කිරීමට බොහෝ අත්දැකීම් තියෙනවා” සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් හි ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා පැවසීය. “ලෝක බැංකුවට අනුව ගෝලීය ආර්ථිකය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 86.598 ක් වන අතර එයින් ඩිජිටල් ආර්ථිකය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක් පමණ දායක වන අතර 2025 වන විට සියයට24.3 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ” (UNCTADට අනුව).
මෙම අවස්ථාවට සහභාගි වෙමින් Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ලියැන් යී මහතා මෙසේ පැවසීය, “සොෆ්ට්ලොජික් සමඟ ඇතිකරගත් මෙම සම්බන්ධතාව මඟින් ශ්‍රී ලංකා වෙළෙඳපොළට අපගේ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික විසඳුම්, උදාහරණ ලෙස ක්ලවුඩ්, AI සහ Smart city තාක්ෂණය ලබා දීමට අපට හැකි වීම ඉතාමත් වැදගත්. මේ සඳහා දුරකථන සේවා මෙන්ම ආයතනික ජාල, උපාංග සහ ක්ලවුඩ් සේවා සහ සබැඳි විසඳුම් ලෙස අද්විතීය තරගකාරී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICT) කළඹක් Huawei සතුව ඇත.
“වර්තමාන ලෝකයේ, සහයෝගීතාවයෙන් කණ්ඩායම් වැඩ කරන ඕනෑම තැනක එකට වැඩ කරමින් සාමූහික ආයතනික ඉලක්ක ළඟා කර ගැනීමට මෙන්ම දෛනික කාර්යාල කටයුතුවල දී එම කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය වූ සම්බන්ධිත කාර්යාල පද්ධති අත්‍යවශ්‍ය වන අතර එහිදී ක්ලවුඩ් සේවා සමගින් බාධාවකින් තොරව වඩාත් පහසු පරිශීලක කේන්ද්‍රීය අත්දැකීමක් ලබා දීමට මෙම තාක්ෂණික විසඳුම් නිර්මාණය කර ඇත”.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
Softlogic සහ Huawei එකතුවෙන් නවතම ආයතනික තාක්ෂණික විසඳුම්