
(ගයාන් සූරිය ආරච්චි)
කහටගස්දිගිලිය, ඇල්ල වැව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට පහරදී නිලධාරීන් සන්තකයේ තිබූ ගිනි අවියක්, උණ්ඩ දහයක් සහ මැගසීනයක් කොල්ල කෑ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය, රන්පත් විල, සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ත් 36 ත් අතර පසුවන සැකකරුවන් පිරිසකි.
සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවිය දමා තිබූ බෑගය, පිහියක්, විදුලි පන්දමක් ඇතුළු දේපළ සොයාගෙන ඇති අතර ගිනි අවිය ඉකුත් 13 දා සොයාගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
STF නිලධාරීන් මෙල්ල කිරීම පහසු නැහැ. සොයා බලන්නේ මේ අය විශේෂ පුහුණුව ලැබුවද කියා...?
තමන්ගේ ගිනි අවිය නිරායුධ පිරිසක් පැහැර ගන්නකම් එස්ටිඑෆ් නිලධාරීන් බලන් ඉන්න තැනට පත්වුනේ කොහොමද? අලුතින් හඳුන්වා දුන්න නීති හින්දද?