IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


SMSහෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව තරුණ ජවය

ඉදිකිරීම් සහ භූමි අලංකරණය, සංචාරක කර්මාන්තය, දේපළ වෙළෙඳාම්, ආරක්ෂණ සේවා ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන SMS හෝල්ඩින්ග්ස් සමාගම පසුගියදා සිය අධ්‍යක්ෂ මණ්ඩලයට තරුණ ක්‍රියාශීලී නව අධ්‍යක්ෂවරුන් දෙදෙනකු පත් කළ බවට නිල වශයෙන් නිවේදනය කළේය. එලෙස නව අධ්‍යක්ෂවරුන් ලෙසට පත් වූයේ, අශාන් සෙනෙවිරත්න මහතා සහ නේෂා සෙනෙවිරත්න මෙනවියයි. වසර 23කට පෙර ආරම්භ වී සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ දැවැන්ත සමාගම් සමූහයක් බවට පත් වූ SMS හෝල්ඩින්ග්ස් සමාගමේ නව පරිච්ඡේදයක ඇරැඹුම මෙම නව අධ්‍යක්ෂවරුන්ගේ පත්වීම සමග සනිටුහන් වන බව සමාගම සඳහන් කර සිටී.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ උපාධිධාරියෙක් වන අශාන් සෙනෙවිරත්න මහතා ව්‍යාපාර කළමනාකරණය, තාක්ෂණය සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල ලබා ඇති අත්දැකීම් සහ ප්‍රවීණත්වය SMSසමූහයේ ඉදිරි ගමනට දැවැන්ත සවියක් වනු ඇත. තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කළමනාකරුවෙක් වශයෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යාංශය, කොකාකෝලා සමාගම සහ ඕස්ට්‍රේලියාවේ රාජකීය ළමා රෝහල වැනි කීර්තිමත් ආයතන වෙනුවෙන් සේවය කර අත්දැකීම් රැසක් ලබා ඇති අශාන් සෙනෙවිරත්න මහතාගේ දැක්ම වන්නේ, Internet of Things (IoT), Machine Learning සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණය යොදා ගෙන ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දායක වීමයි.

ජාත්‍යන්තර වෙළෙඳාම සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධිධාරිනියක් වන නේෂා සෙනෙවිරත්න මෙනවිය ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් Master Builders වැනි ආයතනවල මෙහෙයුම් කණ්ඩායම්වලට සාර්ථකව නායකත්වය ලබා දෙමින් ක්‍රමෝපායික පරිපාලනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම යන ක්ෂේත්‍රයන්හි පුළුල් නිපුණත්වයක් ලබා ඇති වෘත්තීයවේදිනියකි. SMS සමාගමේ ජාත්‍යන්තර අපනයන වෙළෙඳාම උසස්ම තත්ත්වයේ කුරුඳු නිෂ්පාදන අපනයනය හරහා ලොව පුරා කීර්තිය දිනූ සන්නාමයක් බවට පත් කිරීම ඇයගේ කාර්යභාරය වනු ඇත. එමෙන්ම, SMS සමාගමේ ඕස්ට්‍රේලියානු ව්‍යාපාර අංශයන් තවදුරටත් සවිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට ද ඇය කටයුතු කරනු ඇත.

SMS හෝල්ඩින්ග්ස් සමාගමේ නව අධ්‍යක්ෂවරුන් වන අශාන් සෙනෙවිරත්න මහතා සහ නේෂා සෙනෙවිරත්න මෙනවිය.

595



අදහස් (0)

SMSහෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට නව තරුණ ජවය

ඔබේ අදහස් එවන්න

දියත

ඉත්තෑගල
2024 පෙබරවාරි මස 24 7 0

ඉත්තෑගලයාය ගම්මානය රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල හා කල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් වනසේ පිහිටා ඇත.


රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට
2024 පෙබරවාරි මස 24 351 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිස


මාමණ්ඩිය මරා ඇප පිට ඇවිත් නැන්දම්මාත් මරලා
2024 පෙබරවාරි මස 24 1013 0

පෞද්ගලික ආරවුලක් මත බෑනා සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.


ඇමති නම් විකුණා ලක්ෂ 54කට විද්ද ශිෂ්‍යත්ව ගුරා මාට්ටු
2024 පෙබරවාරි මස 24 320 0

අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගල


පුතාගේ පොරෝ පහරින් පියා මරුට
2024 පෙබරවාරි මස 24 418 0

පිටිගල කලුආරච්චිගොඩ ප්‍රදේශයේ දී අද(24) පස්වරුවේදී පුතා එල්ල කළ පොරෝ පහරින් පියා මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.


පාඨලී සිරිකොතේ දී ජනපති හමු වෙයි
2024 පෙබරවාරි මස 24 669 0

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 236 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 274 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 282 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site