IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල 22 වැනි වරටත්

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙරට සන්නාමවල විශිෂ්ටත්වය ඇගයීමට ලක්කරනු ලබන SLIM Brand Excellence එළිදැක්වීමේ උත්සවය 'Logic Behind the Magic' තේමා පාඨය යටතේ පසුගිය දා පවත්වන ලදී. ‘ශක්තිමත් සන්නාම නිර්මාණය කිරීමේදී නවෝත්පාදන සමඟ උපායශීලී ක්‍රමෝපාය ද යොදා ගැනීමේ වැදගත්කම සමාජය වෙත රැගෙන යෑම’ මෙම නව තේමා පාඨයේ අරමුණයි.

මෙම අවස්ථාව සමඟ එක්ව සිටි ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සභාපති චින්තක පෙරේරා මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

“වර්තමානය වනවිට වඩාත් ඵලදායී සන්නාම කළමනාකාරීත්වයක් මඟින් සන්නාමයට සමාජයෙන් ලැබෙන පක්ෂපාතීත්වය තීරණය කරනවා. එහිදී වෙනස්වීමට අනුකූලව පවතින සමාජ ආචාරධර්ම ආරක්ෂා කළ යුතු බව අපි සෑමවිටම විශ්වාස කරනවා. 2023 වසර යනු විකුණුම් පමණක් නොව අත්දැකීම් සහ සබඳතා ගැන ද අවධානය යොමු කළ යුතු වසරක්. මෙරට වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වීමේදී අවශ්‍යතාව සපුරාලීමට ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳව අවබෝධය හා එම උරුමයන්ට ගෞරව කිරීම වැදගත් කරුණක් ලෙස සැලකිය හැකියි. නිරතුරුවම ගෝලීය වශයෙන් අපගේ සන්නාමයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීම අප ආයතනය සතු සුවිශේෂීතාවක් ලෙස පෙන්වා දිය හැකියි. අප ආයතනය දේශීය ජනතාව අතර කැපීපෙනෙන ජනප්‍රියතාවක් හිමිකරගෙන ඇත්තේ ද එබැවිනි.

“පවතින අස්ථාවර ව්‍යාපාරික පරිසරය තුළ සාර්ථක සන්නාම කළමනාකාරීත්වය හා ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාශීලී ප්‍රතිපත්ති සන්නාමයේ දිගුකාලීන පැවැත්ම කෙරෙහි බලපානු ලබන මූලික කරුණු ලෙස සැලකිය හැකියි. 

එමඟින් ඕනෑම තත්ත්වයක් තුළ වඩාත් ශක්තිමත්ව අභියෝගවලට මුහුණ දීමේ හැකියාව තහවුරු වෙනවා. දශක දෙකක් පුරාවට ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන මෙරට ව්‍යාපාරික සාර්ථකත්වයේ හොඳම උදාහරණයක් ලෙස සඳහන් කළ හැකියි.” යනුවෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) අවස්ථා හා තිරසාර ව්‍යාපෘති උප සභාපති ගයාන් පෙරේරා මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් සඳහන් කළේය.

SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල මෙරට අලෙවිකරුවන්ගේ නිර්මාණශීලීත්වය සඳහා තරගකාරී වේදිකාවකි. මෙම සම්මාන උළෙල මඟින් වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකි ප්‍රබල උපායමාර්ග සැකසීමට සහ ක්‍රියාත්මක කිරීමට ආයතනවලට උපකාර කරමින් ප්‍රධාන ආර්ථික බලවේගයක් ලෙස අලෙවිකරණය ඉහළ නැංවීම පිළිබඳව SLIM ආයතනය දක්වන දායකත්වය සහ එහි ප්‍රයත්නය මැනවින් පිළිබිඹු වේ.

මෙම සම්මාන උළෙලට ප්‍රාථමික කාණ්ඩ පහක් සහ විශේෂ සම්මාන කාණ්ඩ 10ක් ඇතුළුව ඉදිරිපත් කිරීම් කළ හැකි කාණ්ඩ 15ක් අන්තර්ගත වන අතර එම විවිධ කාණ්ඩ යටතේ සන්නාම ඇතුළත් කළ හැකිය.

595



අදහස් (0)

SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙල 22 වැනි වරටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1077 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site