
Ocean ලංකා පෞද්ගලික සමාගම පසුගියදා සිය නව කාර්යාල පරිශ්‍රයක් විවෘත කරන ලදී.
Ocean ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ හවුල්කරුවන්, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශව සමඟ මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට ලැබීම ඉතා සතුටට කරුණක්. මෙම සැමරුම අපගේ නව කාර්යාල පරිශ්‍රය සඳහාම පමණක් නොවේ, පැවති වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට නොහැකි වූ අපගේ 25 වැනි සංවත්සරයද මේ අවස්ථාවේදී අපි සමරනු ලබනවා. අපි නව පෙනුමක් සහ දැක්මකින් යුතුව Ocean ලංකා හි නව යුගයකට අවතීර්ණ වී සිටින අතර එළඹෙන අනාගතය අපට ඉතා යහපත් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”
Fountain Set හි විධායක අධ්‍යක්ෂ සහ උපසභාපති ආචාර්ය ලී ගැන්ග් මහතා මෙසේ සිය අදහස් කළේය. Ocean Lanka නව කාර්යාලයට පැමිණීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා. මෙය අපගේ කර්මාන්තයට අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වන අතර ඉදිරි කාලය තුළ අපි එය ජය ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”
“මම හිතන්නේ Ocean ලංකා ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය රෙදිපිළි කර්මාන්ත ශාලාවයි. Ocean ලංකා හේතුවෙන් අපි, රෙදිපිළි මහන සහ ගොතන ජාතියක් වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණා. Ocean ලංකා විසින් සිය රටට, කර්මාන්තයට, එහි කොටස්කරුවන්ට සහ එහි සේවකයන්ට ඉතා විශිෂ්ට කාර්යය භාරයක් ඉටු කරනු ලබනවා.” Brandix ලංකා හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මහතා පැවසීය.
Hirdaramani Group හි අධ්‍යක්ෂ සිද්ධාර්ත් හයිඩ්‍රාමනි මහතා ශ්‍රී ලංකාවේ රෙදිපිළි ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම හවුල්කාරිත්වයට ඇති හැකියාව පිළිබඳව සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාව තුළ වෙළෙඳපොළ ප්‍රමුඛයකු ලෙස අපගේ ස්ථාවරය පවත්වා ගැනීමට, අපට අනුවර්තනය වීමට සහ නව්‍යකරණයන් කිරීමට සිදු වුණා. දිවයිනේ ඇති මහා පරිමාණ රෙදි නිෂ්පාදන කර්මාන්තායතන කිහිපයෙන් එකක් ලෙස, අපගේ කර්මාන්තයේ අනාගතයට බලපෑම් කිරීමට අපට සුවිශේෂී අවස්ථාවක් පවතිනවා. ඒ සඳහා අප විසින් නව තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීම, පාරිසරික බලපෑම පිළිබඳව සැලකිලිමත් වීම වැනි නව මාර්ග ගවේෂණය කළ යුතු බව මම තරයේ විශ්වාස කරනවා.”
595


2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Ocean ලංකා සමාගම නව කාර්යාල පරිශ්‍රයකට