IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


Ocean ලංකා සමාගම නව කාර්යාල පරිශ්‍රයකට

Ocean  ලංකා පෞද්ගලික සමාගම පසුගියදා සිය නව කාර්යාල පරිශ්‍රයක් විවෘත කරන ලදී.

Ocean  ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “අපගේ හවුල්කරුවන්, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශව සමඟ මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට ලැබීම ඉතා සතුටට කරුණක්. මෙම සැමරුම අපගේ නව කාර්යාල පරිශ්‍රය සඳහාම පමණක් නොවේ, පැවති වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට නොහැකි වූ අපගේ 25 වැනි සංවත්සරයද මේ අවස්ථාවේදී අපි සමරනු ලබනවා. අපි නව පෙනුමක් සහ දැක්මකින් යුතුව Ocean  ලංකා හි නව යුගයකට අවතීර්ණ වී සිටින අතර එළඹෙන අනාගතය අපට ඉතා යහපත් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.”‍

Fountain Set හි විධායක අධ්‍යක්ෂ සහ උපසභාපති ආචාර්ය ලී ගැන්ග් මහතා මෙසේ  සිය අදහස් කළේය. Ocean  Lanka නව කාර්යාලයට පැමිණීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා. මෙය අපගේ කර්මාන්තයට අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් වන අතර ඉදිරි කාලය තුළ අපි එය ජය ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”‍

“මම හිතන්නේ Ocean  ලංකා  ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය රෙදිපිළි කර්මාන්ත ශාලාවයි. Ocean  ලංකා  හේතුවෙන් අපි, රෙදිපිළි මහන සහ ගොතන ජාතියක් වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණා. Ocean  ලංකා  විසින් සිය රටට, කර්මාන්තයට, එහි කොටස්කරුවන්ට සහ එහි සේවකයන්ට ඉතා විශිෂ්ට කාර්යය භාරයක් ඉටු කරනු ලබනවා.”‍ Brandix ලංකා හි සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මහතා පැවසීය.

Hirdaramani Group  හි අධ්‍යක්ෂ සිද්ධාර්ත් හයිඩ්‍රාමනි මහතා ශ්‍රී ලංකාවේ රෙදිපිළි ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම හවුල්කාරිත්වයට ඇති හැකියාව පිළිබඳව සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාව තුළ වෙළෙඳපොළ ප්‍රමුඛයකු ලෙස අපගේ ස්ථාවරය පවත්වා ගැනීමට, අපට අනුවර්තනය වීමට සහ නව්‍යකරණයන් කිරීමට සිදු වුණා. දිවයිනේ ඇති මහා පරිමාණ රෙදි නිෂ්පාදන කර්මාන්තායතන කිහිපයෙන් එකක් ලෙස, අපගේ කර්මාන්තයේ අනාගතයට බලපෑම් කිරීමට අපට සුවිශේෂී අවස්ථාවක් පවතිනවා. ඒ සඳහා අප විසින් නව තාක්‍ෂණය  සඳහා ආයෝජනය කිරීම, පාරිසරික බලපෑම පිළිබඳව සැලකිලිමත් වීම වැනි නව මාර්ග ගවේෂණය කළ යුතු බව මම තරයේ විශ්වාස කරනවා.”

595



අදහස් (0)

Ocean ලංකා සමාගම නව කාර්යාල පරිශ්‍රයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site