IMG-LOGO

LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව

ශ්‍රී ලංකාව පුරා විහිදුණු පාසැල් 3,500 ක් කරා ළඟාවෙමින්, ආවරණය සමස්ත පාසැල් වලින් සියයට 35 ඉක්මවයි.

LOLCදිවි සවිය මානුෂීය ප්‍රයත්නය තිරසාර ලෙස දිවයිනේ සමස්ත පාසැල් සංඛ්‍යාවෙන් සියයට 35 වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින්, පාසැල් 3,500 කට සහාය දක්වා කැපී පෙනෙන සන්ධිස්ථානයක් කරා ළඟාවී තිබේ. 2023 වසරේ පෙබරවාරි මාසයේ දී මෙම වැඩසටහන දියත් කරන ලදී.

ව්‍යාපෘතියේ තුන්වැනි අදියර ක්‍රියාත්මක වද්දී LOLCදිවි සවිය සිසුන් 100 ත් 150 ත් අතර හංඛ්‍යාවක් සිටින පාසැල්වලට විශේෂ අවධානය යොමු කරනු ලැබීය. මෙම ක්‍රමෝපාය වැඩසටහනේ අරමුණ වන්නේ ඉතා අඩු වරප්‍රසාද සහිත පාසැල්වලට පවා අත්‍යවශ්‍ය අධ්‍යාපන සම්පත් සඳහා ප්‍රවේශය සහතික කිරීමයි.

අත්‍යාවශ්‍ය පාසැල් පොත් සහ උපකරණ සිය දරුවන්ට ලබාදීමේදී මවුපියන් මුහුණ දෙන අභියෝග සිහිපත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (පාසල් කටයුතු) නීලමනී මලවිආරච්චි මහත්මිය මෙම වැඩසටහන ඇගයීමට ලක්කරනු ලැබීය. “අපි අමාත්‍යාංශය හරහා සිසුන්ට පාසැල් නිල ඇඳුම්, විෂය නිර්දේශ, ගුරුවරුන් සහ පෙළපොත් ලබාදුන්නද පාසැල් අභ්‍යාස පොත් සහ අනෙකුත් උපකරණ ලබාදීම සඳහා  මවුපිය සහාය අපේක්ෂා කරන්නෙමු. එහෙත් වර්තමාන ආර්ථික අභියෝග හමුවේ මේ ද්‍රව්‍ය සඳහා දැරීමක් සිදුකළ නොහැකි මවුපියන් මෙරටේ සිටී. පවුල්වල දරුවන් කීපදෙනකු සිටින මධ්‍යම පාන්තික මවුපියන්ට පවා අද ඒ දේවල් සඳහා දුෂ්කරතාවක් පවතිනවා. මේ අවස්ථාවේ LOLCහි මැදිහත්වීම ප්‍රශංසනීය වන අතර, මෙම මවුපියන්ට LOLCපිළිසරණක් බවට පත්ව ඇත. LOLCමේ සිසුන්ට සම්පූර්ණ පාසැල් පැකේජයක් ලබා දෙන අතර, එමගින් සෑම දරුවකුටම පන්තිකාමරය තුළ තමන්ට කිසිදු අසමානකමකින් තොරව ඉගෙනීම සඳහා සම වරප්‍රසාදයක් පවතින බව හැඟෙනු ඇත. වඩාත් වැදගත් වන්නේ සෑම සිසුවකුටම එක සමාන ඉහළ ප්‍රමිතියේ පොත් කට්ටලයක්, පැස්ටල්, බෑග්, පාසැල් උපකරණ පෙට්ටි ආදිය ලබාදීමයි. එහිදී කිසිවකුට භේදයක් ඇති නොවන පරිදි, දිවි සවිය වැඩපිළිවෙළ යටතේ  මෙම පාසැල් දරුවන්ගේ අවශ්‍යතා සමාන අන්දමින් සපුරාලමින් ඔවුන්ගේ සිත්සතන් තුළ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීමට LOLCසමත් වී ඇත. ව්‍යාපෘතිය දියත් කළ දා පටන් ළමයින් පන්තිකාමර ක්‍රියාකාරකම් පිළිබඳ උනන්දුවක් දක්වන අතර සතුටින් ඉගෙනීම් කටයුතුවල නිරත වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරිනියක් සහ මවක් ලෙස, LOLCජාතියේ දරුවන්ට ලබා දෙන සහාය සැබවින්ම අගය කරමි.”‍

LOLC හි මෙම විශිෂ්ට ප්‍රයත්නය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ජාතික මට්ටමින් පිළිගැනීමට ලක්කළ අතර, ජාතියේ දරුවන්ගේ සම්පත් පරතරය අවම කිරීමට අධ්‍යාපනයේ අවස්ථා වැඩිදියුණු කිරීමේ මානුෂීය මෙහෙවර සඳහා පෞද්ගලික අංශයේ ආයතනයක් මෙවන් ගෞරවනීය පිළිගැනීමක් ලැබූ පළමු අවස්ථාව එමගින් සනිටුහන් කළේය.

වැඩසටහනේ සමාරම්භක අදියරේදී පාසැල් 1400 කට වැඩි සංඛ්‍යාවකට  අභ්‍යාස පොත්වල සිට ගණිතමය උපකරණ පෙට්ටි දක්වා අත්‍යවශ්‍ය පාසැල් උපකරණ සාර්ථකව බෙදා හැරුනු අතර, ඊළඟ අදියරේදී එය පාසැල් 1500 දක්වා ව්‍යාප්ත කෙරිණ. තුන්වැනි අදියර දියත් කිරීමත් සමඟ, සිය ආවරණය අතිරේක පාසැල් 1200 කට ව්‍යාප්ත කිරීමට LOLCඉලක්ක කර ඇති අතර, මුළු ආයෝජනය රු. බිලියන 2.5 ක් ඉක්මවයි.

 -595



අදහස් (0)

LOLC දිවිසවිය දිවයින පුරා අඛණ්ඩව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 440 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 876 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site