IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


Huawei නවතම ලැප්ටොප් ළඟදීම ශ්‍රී ලංකාවේ

Huawei විසින්, විශේෂාංග රැසකින් යුත් Huawei මේටිබුක් X Pro 2021 ලැප්ටොප් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කටයුතු යොදා තිබේ. පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවකින් සිය එදිනෙදා කාර්ය ඉටු කරගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත මේට්බුක් X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇතැයි එම සමාගම කියයි.

මේට්බුක් X Proහි ප්‍රධාන විශේෂාංග අතර, ආකර්ෂණීය අඟල් 13.9 ක FullView Displayසහ දිගු කාලීන බැටරි ධාරිතාව, පුළුල් නැරැඹුම් අත්දැකීමක් ලබාදෙන 3K high Definition ඡායාරූප ගුණාත්මකභාවය ප්‍රධාන වේ. තව ද කිලෝග්‍රෑම් 1.33ක් තරම් වූ සැහැල්ලු‍ බර සහ මිලි මීටර 14.6ක් තරම් වූ ඝනකම, මෙම ලැප්ටොප් මාදිලිය ඕනෑම අයකුට ඉතා පහසුවෙන් එහාමෙහා රැගෙන යා හැකි උපාංගයකි. කාර්යසාධනය (Performance) පිළිබඳ සැලකීමේදී, මෙහි අන්තර්ගත 11th Gen Intel Core ප්‍රොසෙසරය සහ 16GB LPDDR4x මතක ධාරිතාව ඉතා සුවිශේෂී වන්නේ එමඟින් ලබාදෙන ඉහළ කාර්යක්ෂමතාව මූලික කරගෙනයි.

මෙම නවතම මේට්බුක් X Pro හඳුන්වාදීම පිළිබඳ අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානි පීටර් ලියු මහතා මෙලෙස පැවැසීය.

“පසුගිය වසර කිහිපය පුරාවටHuawei විසින් ලොව පුරා වෙසෙන පාරිභෝගිකයන්ගේ විවිධ ලැප්ටොප් පරිගණක අවශ්‍යතා පිළිබඳ හඳුනා ගනිමින්, ඒවා සපුරාලිය හැකි විශිෂ්ට ගණයේ ලැප්ටොප් මාදිලි වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළා. විශේෂයෙන්ම කාර්ය බහුල වෘත්තිකයන් ඉලක්ක කරගනිමින්, ඔවුන්ගේ එදිනෙදා තාක්ෂණික අවශ්‍යතා සඳහා ගැළපෙන නවෝත්පාදන රැසකින් සමන්විත වෘත්තීය මට්ටමේ ලැප්ටොප් පරිගණක වෙළෙඳපොළට හඳුන්වා දීමට අපට හැකි වුණා. ඉදිරියේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත මේට්බුක් X Pro 2021 ද ඉහළ කාර්ය සාධනයක් සහිත, විශේෂාංග රැසකින් සමන්විත ලැප්ටොප් පරිගණකයක් ලෙස මා හැඳින්වීමට කැමැතියි.”‍



අදහස් (0)

Huawei නවතම ලැප්ටොප් ළඟදීම ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 358 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site