IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


HNB ලාබයේ වර්ධනයක්

කොරෝනා වසංගතය හේතුවෙන් ඇති කරන ලද අස්ථාවර තත්ත්වය හමුවේත් හැටන් නැෂනල් බැංකුව (HNB) පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 10.9ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 9.1ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කිරීමට සමත් වී ඇත. මේ අතර HNB සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙළින් රුපියල් බිලියන 12ක් හා රුපියල් බිලියන 9.8ක් ලෙස වර්ධනය වී ඇතැයි එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එහි වැඩිදුරටත් මෙසේද සඳහන්ය.

බැංකුවේ ණය කළඹ 2021 ජුනි මාසය දක්වා ගත වූ මාස 12 පුරාවට සියයට 8.6 ක වර්ධනයක් වාර්තා කළේය. එසේ තිබියදීත්, එම කාලය තුළ AWPLR අගය පදනම් ලක්ෂ 280කට වඩා අඩු වීම හේතුවෙන් පළමු අර්ධය සඳහා පොලී ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට10.6 කින් අඩු වී රුපියල් බිලියන 48.1ක් බවට පත් විය. ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොලිය (CASA) අතර වෙනස මනාව කළමනාකරණය කර ගැනීම නිසා 2020 වසරට සාපේක්ෂව ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පොලී අනුපාතයෙහි පදනම් අගය සියයට 27.1 ක වර්ධනයට ඉවහල් වී ඇති අතර එය 2021 ජුනි අවසන් වනවිට රුපියල් බිලියන 405.5ක් දක්වා වැඩි වී ඇත. අවම තැන්පතු අනුපාත හා මෙම වර්ධනය සමඟින් පසුගිය වසරට සාපේක්ෂව පොලී වියදම් ඒකක සියයට 20.4 කින් අඩු වී රුපියල් බිලියන 25ක් බවට පත්ව ඇත. ඒ අනුව 2021 පළමු අර්ධය සඳහා ශුද්ධ පොලී ආදායම (NII) පසුගිය වසරට සාපේක්ෂව සියයට 3.2 කින් වර්ධනය වී රුපියල් බිලියන 23.2ක් විය.

ව්‍යාපාරවලට සැලකිය යුතු අභියෝග එල්ල කළ කාලපරිච්ඡේදයක ගාස්තු සහ කොමිස් ආදායම 2021 දී එහි අඛණ්ඩව ඉහළ යාමක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 4.4ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය 2020 සලකා බලනු ලැබූ අදාළ මාස හය සැලකීමේදී සියයට 27.7 ක වර්ධනයකි. ඩිජිටල් බැංකුකරණ සේවා ගාස්තු ද සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතරතුර ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු හා වෙළෙඳාම් ද මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.

රුපියල අවප්‍රමාණය වීම සහ හුවමාරු ප්‍රමාණය අවම වීම හේතුවෙන් 2020 පළමු මාස හයට වාර්තා කළ රුපියල් බිලියන 1.5ට සාපේක්ෂව 2021 පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 3.4ක විනිමය ආදායමක් වාර්තා කිරීමට බැංකුව සමත් විය.

බැංකුවේ දළ අක්‍රීය ණය අනුපාතය (NPA) 2020 පළමු අර්ධය තුළ වාර්තා කළ ආසන්න වශයෙන් පදනම් අංක 50ක පිරිහීමට සාපේක්ෂව 2021 පළමු මාස 6 සඳහා සියයට 4.25 ක් ලෙස වර්ධනය වී ඇත. 2020 අදාළ කාල සීමාව තුළ රුපියල් බිලියන 9.1ක් වූ ණය හානිකරණයට සාපේක්ෂව බැංකුව විසින් 2021 පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 6.3ක හානි පූරණයක් අයකර ඇත.

සභාපති, නිලන්ත් ද සිල්වා

කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස්

 



අදහස් (1)

HNB ලාබයේ වර්ධනයක්

de silva Thursday, 02 September 2021 02:20 PM

මිනිස්සු කණකර බඩු උකස් තියමින් ජීවත් වෙනකොට බැංකු ලාභ ලබනවා.

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site