IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වාසි රැසක් හඳුන්වාදීමට කටයුතු කළේය.

ඒ අනුව HNBජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් මෝටර් සහ මෝටර් නොවන රක්ෂණාවරණ ලබාගන්නා සම්පත් කාඩ්පත්හිමියන්ට සිය කාඩ්පත් හරහා පොලී රහිතව (0%) මාස 12 ක කාලයකින් සිය රක්ෂණාවරණ ගෙවීම කිරීමට හැකි පහසු ගෙවීමේ සැලසුම් හිමිවනු ඇත. HNBජෙනරල් ඉන්ෂුවරන්ස්  සිය මව් සමූහයෙන් පිටත බැංකුවක් සමඟ සන්ධානගත වෙමින් ශ්‍රී ලංකාව පුරා වැඩි පාරිභෝගික පිරිසක් කරා ළඟා වීමට ගත් මෙම පියවර සුවිශේෂී පියවරක් වශයෙන් හැඳින්විය හැකි බව එම සමාගම සදහන් කරයි.

HNBජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් පිරිනැමෙන මෙම විශේෂ පහසුකම ලබාගන්නා සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පොලී රහිතව තමන්ට පහසු ආකාරයට ගෙවීම්  කිරීමට අවස්ථාව හිමිවන විවිධ රක්ෂණාවරණ අතරට මෝටර් රථ රක්ෂණාවරණ මෙන්ම නිවාස, සංචාර, වෛද්‍ය සහ අනෙකුත් සියලුම රක්ෂණාවරණ ප්‍රතිපත්ති අයත් වන අතර මේ හරහා වඩා වැඩි පිරිසකට රක්ෂණාවරණයක ආරක්ෂාව ලබා දීමට හැකිවනු ඇති බවට ජෙනරල් ඉන්ෂුවරන්ස්  සමාගම විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකාව පුරාම විහිදුණු ජාලයක් සහ අති විශාල කාඩ්පත් හිමියන් සමූහයක් හිමි සම්පත් බැංකුව අවිවාදයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක්. එනිසා සම්පත් බැංකුව සමඟ සන්ධානගත වීම හරහා ශ්‍රී ලංකාව පුරා විසිරුණු විශාල පාරිභෝගිකයන් පිරිසකට අපේ රක්ෂණාවරණයන්ගේ පහසුව සහ ආරක්ෂාව ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. මේ පහසු ගෙවීමේ ක්‍රමය තුළ පොලී ගෙවීම් වැනි අතිරේක වැය වීම් නොමැති නිසා විශාල පිරිසකට දෙවරක් නොසිතාම රක්ෂණාවරණයකට යොමු වීමට හැකියාව දැන් ලැබී තිබෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් HNBජෙනරල් ඉන්ෂුවරන්ස්  සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී සාමාන්‍යාධිකාරී සම්පත් වික්‍රමාරච්චි මහතා පැවසීය.

-595

 



අදහස් (0)

HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site