IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


HIP අලෙවිකරණ සන්නාමය ආසියානු ශාන්තිකර කලාපයට

හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), පසුගියදා වියට්නාමයේ පැවති “2 වැනි අග්නිදිග ආසියානු වරාය සංවර්ධන සමුළුවේ” (Port Development South East Asia Summit - PDSEAS 2023)  එකම දකුණු ආසියානු එකම නියෝජිතයා ලෙස සහභාගී විය. රාජ්‍ය ආයතන, වරාය අධිකාරි, වරාය සහ පර්යන්ත ක්‍රියාකරුවන්, නැව් සමාගම්, වරාය උපකරණ සපයන්නන්, විසඳුම් සපයන්නන්, ආයෝජකයන්, බැංකුකරුවන් සහ රක්ෂණ සමාගම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛයන් 30 දෙනකු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 200කට අධික පිරිසක් රැස් කළ සමුළුව HIP ප්‍රවර්ධනය සඳහා මෙන්ම ශ්‍රී ලංකාව සමුද්‍රීය කර්මාන්තය වෙත සලසන වාසි සහ සම්බන්ධතා ප්‍රදර්ශනය කිරීමටද කදිම වේදිකාවක් විය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා මෙසේ පැවසීය.  වරාය සංවර්ධනය පැතිකඩ දෙකකින් යුක්තයි. “අපි වරාය සේවා වර්ධනය කරන අතරම, සම්බන්ධතා කේන්ද්‍රස්ථානයක්ද ගොඩනඟමින් සිටිනවා. එතුළින් අපගේ සේවාවන් දකුණු ආසියානු කලාපයේ වරායන් වෙත ලබා දීමට මෙන්ම HIP සමඟ සම්බන්ධ වීමට උනන්දුව දක්වන්නන්ට ප්‍රතිනැව්ගත කිරීමටත්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ කලාපය තුළ හෝ ඉන් පිටත විවිධ වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා මූලික පියවර සැකසීමේ අවස්ථාව අපට උදා වනවා. දැන් අපගේ  RORO ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරය විශාල ලෙස ව්‍යාප්ත වී තිබෙනවා, එමෙන්ම වරාය සංකීර්ණයට යාබදව ඉදි වන කාර්මික ආයෝජන කලාප අප ව්‍යාපෘති  සංවර්ධනයේ ඊළඟ අදියරයි.”

 PDSEAS 2023 සමුළුවේ 2 වැනි දින, HIP නියෝජනය කළ වරාය ආයෝජන සේවා (PIS) අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර සබ්‍රිනා එදිරිසිංහ මහත්මිය, “කාර්මික ආයෝජන කලාප වරාය සංවර්ධනයේ උත්ප්‍රේරකයක් විය හැකි ආකාරය” පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළාය. දකුණු ආසියානු කලාපීය ප්‍රතිනැව්ගත කිරීමේ වරාය ලෙස HIP ස්ථානගතවීම පිළිබඳ වැදගත් සාධක 3ක් එහිදී සඳහන් විය. ඉන්දියන් සාගරයේ නැගෙනහිර හා බටහිර මුහුදු මාර්ගයන්හි සමීපත්වය හේතුවෙන් ගෝලීය සම්බන්ධතාවට ඇති පහසුව, වෙළඳ ගිවිසුම් හරහා කලාපයට සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාව තුළට ප්‍රවේශ වීමේ හැකියාව, නවීන බහුකාර්ය වරායක් සමඟ ගනුදෙනු කිරීමේ සුවිශේෂීත්වය වැනි කරුණු ඒවා අතර විය.

මෙම සමුළුව, අග්නිදිග ආසියාවේ ආර්ථික ප්‍රගතියට මෙන්ම ගෝලීය වෙළෙඳ මාර්ග පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය නවීන හා මනා කළමනාකරණයකින් යුත් වරාය කර්මාන්ත අංශයක් ගොඩනැගීමේ අරමුණින්, කලාපීය වරායන් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත එක්රොක් කිරීම සඳහා පිහිටුවන ලද්දකි.

595



අදහස් (0)

HIP අලෙවිකරණ සන්නාමය ආසියානු ශාන්තිකර කලාපයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site