
(අංජුල මහික වීරරත්න)
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බව එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින්නැයි සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවට කාර්යාංශයේ දී එක්වෙමින් සභාපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න එපා කාලකන්නි Agency වලට.
රජය හැම දෙයකටම මැදිහත් වෙන එක සුදුසු නැහැ ? අනෙක් රටවලට පුද්ගලික ඒජන්සි හරහා ශ්‍රමිකයන් යවන්න පුලුවන්නම් , කොරියාවට පමණක් මොකද බැරි ? පුද්ගලික ඒජන්සි වලටත් ඉඩ දුන්න නම් ඔවුන් උනන්දුවෙලා කොරියාවේ රැකියා අබර්තු ගැන සොයා බලනවා , එහෙම වුන නම් අනිවාර්යයෙන්ම මෙයට වැඩිය විශාල ප්‍රමාණයකට කොරියාවේ රැකියා කරන්න අවස්ථාව ලැබෙනවා ,