
ටයර් ලොවේ ප්‍රමුඛයකු වනDSI Tyresසමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.comවෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealerක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම Online Pick Up From Dealerක්‍රමවේදය මගින් පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් නිවසේ සිටම ටයරය ඇනවුම් කර තමන්ට ළඟම ටයර් වෙළෙඳසලෙන් ටයරය පහසුවෙන් සවි කරගැනීමේ අවස්ථාව උදා වන බව එම සමාගම කියයි.
dsityreshops.com වෙබ් අඩවියට ගොස් තමන්ට අවශ්‍ය ටයරය Selectකිරීමෙන් පසුව වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදු කර කුරියර් සේවාව මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගැනීමට හෝ Online Pick Up From Dealer ක්‍රමවේදය තෝරා ගෙන තමන්ට ළඟම ටයර් වෙළෙඳසලෙන් ටයරය ගෙන සවි කරගැනීමට හැකිය. අතේ මුදල් නැති වුණත් Buy Now Pay Laterපහසුකම ඔස්සේ වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ටයර් මිලදී ගැනීමට හැකි වීම ද සුවිශේෂත්වයකි.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් ඇරැඹූ Online Pick Up From Dealer ක්‍රමවේදයට ලැබෙන ඉහළ පාරිභෝගික ප්‍රතිචාර හේතුවෙන් එය දිවයින පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත කිරීමට DSI Tyresඅපේක්ෂා කරයි. Online Pick Up From Dealerක්‍රමවේදය අලෙවි නියෝජිතයන්ට හඳුන්වා දීමේ උත්සවය පසුගිය දා හෙරිටන්ස් කණ්ඩලම හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
“ශ්‍රී ලාංකිකයන් වඩාත් ආදරය කරන සන්නාමයක් බවට පත් වී ඇති DSI Tyresනිරන්තරයෙන් නිෂ්පාදනවල සහ සේවාවල ගුණාත්මකභාවය වැඩි කරන්න කටයුතු කරනවා. තමන්ට අවශ්‍ය ටයරය පිළිබඳ සියලු තොරතුරු වෙබ් අඩවිය හරහා දැනගෙන කාලය ඉතුරු කරගැනීමට මෙන්ම පහසු ගෙවීමේ ක්‍රමයට ටයරය මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට දැන් පුළුවන්.”
DSI Tyresකළමනාකාර අධ්‍යක්ෂ කාවින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
(සී. මුණසිංහ)
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
DSI ටයර්ස් ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා දෙයි