
DIMO ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Komatsu හා ඇතිකරගත් හවුල්කාරීත්වය සඳහා වසර 50ක් සපිරෙන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙහිදී වැදගත් වන තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ Komatsu විසින් සිය ව්‍යාපාර මෙහෙයුම් දියත් කර වසර 100ක් සම්පූර්ණ වීම ද මෙම වසරේදීම සිදු වීම බව ද එහි සඳහන්ය.
දේශීය බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයට Dimo හි දායකත්වය වර්ධනය කිරීමට Komatsu විසින් හඳුන්වා දී ඇති විවිධ වූ යන්ත්‍ර සූත්‍ර මගින් මහඟු අත්වැලක් සපයනු ලබන අතර, එමඟින් රටෙහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති උදෙසා ඉතා විශාල දායකත්වයක් ලබාදීමට Dimo සමත් වී ඇත. ලොව පිළිගත් බර යන්ත්‍රෝපකරණ සමඟ සිමෙන්ති සහ ඉදිකිරීම් වැනි දැවැන්ත දේශීය කර්මාන්ත සවිබල ගැන්වීමට සහ එවැනි කර්මාන්තවල ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට, මෙම හවුල්කාරීත්වය දායක වී ඇත.
DIMO මෙවැනි Komatsu බර යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයක් මෙරට මහා පරිමාණ ජාතික ව්‍යාපෘති සඳහා සපයා ඇත. කටුනායක-කොළඹ අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය සහ පෝට් සිටි එවන් ව්‍යාපෘති කිහිපයකි. මීට අමතරව, පෞද්ගලික අංශයේ මහා පරිමාණ සිමෙන්ති නිෂ්පාදකයන් මෙන්ම කුඩා පරිමාණයේ යන්ත්‍රෝපකරණ හිමිකරුවන් ද DIMO හි Komatsu පාරිභෝගිකයන් අතර වේ.
DIMO සහ Komatsu හවුල්කාරීත්වයට වසර 50ක් සපිරෙන මෙම මොහොතේ සිය අදහස් දක්වමින් DIMO හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවැසීය.
“බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයකු වන Komatsu සමඟ වසර 50ක ශක්තිමත් හවුල්කාරීත්වයක් සැමරීම අපට ඉමහත් ආඩම්බරයක්. මෙම දිගු ගමන් මග පුරාවටම දේශීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙහිලා විශාල දායකත්වයක් සැපැයීමට අපට හැකි වුණා. ශ්‍රී ලාංකේය බර යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ විප්ලවීය ආනාගතයක් සඳහා Komatsu සමඟ එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.”
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
DIMO සහ කොමට්සු පනස් වසරක හවුල්කාරීත්වය සමරයි