IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


DFCC සහ ජැට් හවුල්කාරීත්වයක

DFCC බැංකුව පසුගියදා JAT හෝල්ඩින්ග්ස් සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය. මේ යටතේ DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට, JAT හෝල්ඩින්ග්ස් විසින් මෙරට වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබ ඇති ඉහළම තලයේ භාණ්ඩ එකතුවක් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහ දීමනා හිමිවනු ඇතැයි එම ආයතන සඳහන් කරයි.

මෙම හවුල්කාරීත්වය යටතේ, JAT හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්නා Herman Miller කාර්යාලයීය පුටු, මේස සහ වෙනත් භාණ්ඩ සහ SEA German Kitchens නිෂ්පාදන සඳහා මාස 12ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැකිය. එමෙන්ම 2021 සැප්තැම්බර් 30 වැනිදා දක්වා ලබාගන්නා නව DFCC ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා සාමාජික ගාස්තු සහ ප්‍රථම වර්ෂය සඳහා අදාළ වාර්ෂික ගාස්තු අය නොකිරීමට ද DFCC බැංකුව තීරණය කර ඇත. එපමණක් නොව JAT හෝල්ඩින්ග්ස් නිෂ්පාදන ඇතුළුව ඕනෑම නිෂ්පාදනයක් DFCCක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් මිලදී ගැනීමේදී සියයට 1ක Cashback දීමනාවක් ලබාදීමට ද DFCC බැංකුව කටයුතු යොදා තිබේ.

DFCC බැංකුව සහ JAT හෝල්ඩින්ග්ස් අතර ඇති කරගත් මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වන්නේ Herman Millerසහ SEA German Kitchensනිෂ්පාදන වැනි ඉහළම තලයේ නිෂ්පාදන මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුවිය හැකි මූල්‍යමය බාධක අවම කිරීමය.

තලවතුගොඩ සහ One Galle Faceසාප්පු සංකීර්ණයේ පිහිටි JAT Experience ප්‍රදර්ශනාගාර වෙත පැමිණ මිලදී ගැනීම් සිදුකරන DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙම දීමනා හිමි කරගැනීමට හැකිවනු ඇත.

 



අදහස් (0)

DFCC සහ ජැට් හවුල්කාරීත්වයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site