IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


DFCC ස්ථාවර තැන්පතුවලට ඉහළම ප්‍රතිලාභ

මේ වනවිට බැංකු ක්ෂේත්‍රයේ පවතින නවතම ප්‍රවණතා සහ ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂා නිවැරදිව හඳුනා ගනිමින්, ස්ථාවර තැන්පතු සඳහා ඉහළම ප්‍රතිලාභ පිරිනැමීමට DFCC බැංකුව පියවර ගෙන ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

ඒ අනුව, DFCC බැංකුවේ වසර 5 ක ස්ථාවර තැන්පතු සඳහා, කල්පිරීමේදී පොලිය ගෙවීමේ පදනම මත, සියයට 30ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වේ. මෙමගින් ස්ථාවර තැන්පතුවල මුදල් තැන්පත් කරන්නන්ට, වසර 5 ක් තුළ තම ආයෝජනය 2.5 ගුණයකින් වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙන අතර, මාස්පතා පොලිය ලබාගන්නා ගනුදෙනුකරුවන්ට පවා සියයට 20 ක වාර්ෂික පොලී අනුපාතයක් පිරිනැමීමට DFCC බැංකුව කටයුතු යොදා තිබේ. මීට අමතරව DFCC බැංකුව තවත් කෙටිකාලීන, එහෙත් ඉහළ ප්‍රතිලාභ ලබාදෙන ස්ථාවර තැන්පතු එකතුවක්ද හඳුන්වා දී ඇති අතර, ඒ යටතේ දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා පිළිවෙළින් සියයට 22, සියයට22.5 සහ සියයට23ක වාර්ෂික පොලී අනුපාත හිමි වේ.

“පවතින ආර්ථික තත්ත්වය හමුවේ, වඩාත් සුරක්ෂිත අනාගතයක් උදාකර ගැනීම සඳහා, ගනුදෙනුකරුවන් තම ඉතුරුම් දීර්ඝකාලීනව හෝ කෙටිකාලීනව තැන්පත් කිරීමට හොඳම විසඳුම් සොයමින් සිටින බව අප දන්නවා. මේ ආකාරයට ඔවුන් වෙනුවෙන් සමකළ නොහැකි පොලී අනුපාත සහිත ස්ථාවර තැන්පතු හඳුන්වා දීමට අප කටයුතු කළේ ඒ නිසයි. අපගේ වසර 5 ක ස්ථාවර තැන්පතුව මගින් ගනුදෙනුකරුවන්ට කෙටි කාලයක් තුළ තම ඉතුරුම් 2.5 ගුණයකින් වර්ධනය කරගැනීමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව ඔබ අද දිනයේ රු. මිලියනයක් තැන්පත් කළහොත්, වසර 5 කදී ඔබට රු. මිලියන 2.5 ක මුදලක් ලබාගැනීමට පුළුවන්. කෙසේ නමුත්, මේ ඉහළ පොලී අනුපාත සදාකල් පැවතීමට ඉඩක් නොමැති නිසා, හැකි ඉක්මනින් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීම වඩාත් සුදුසුයි. උද්ධමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකථනය අනුව, මේ ඉහළ අනුපාත ඉදිරියේදී වෙනස් වීමට ඉඩ තිබෙනවා. 

එහෙත් DFCC බැංකුවේ වසර 5 ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළහොත් ඔබට නොවෙනස්ව ඉදිරි වසර 5 සඳහා සියයට30 ක වාර්ෂික පොලී අනුපාතයක් හිමි වේවි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

595



අදහස් (0)

DFCC ස්ථාවර තැන්පතුවලට ඉහළම ප්‍රතිලාභ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site