DFCC සමූහයේ විශාලතම සමාගම වන DFCCබැංකුව, 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රු. මිලියන 4,326ක බදු-පෙර ලාභයක් සහ රු. මිලියන 3,222ක බදු-පසු ලාභයක් වාර්තා කර ඇත. මීට සාපේක්ෂව පසුගිය වසරේ බදු-පෙර ලාභය රු. මිලියන 3,398 ක් වූ අතර, බදු-පසු ලාභය රු. මිලියන 2,388ක් විය.
DFCC සමූහය 2021 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ රු. මිලියන 4,859 ක බදු-පෙර ලාභයක් සහ රු. මිලියන 3,665 ක බදු-පසු ලාභයක් වාර්තා කර තිබේ. පසුගිය වසරේ මෙම අගයන් පිළිවෙළින් රු. මිලියන 3,994 ක් සහ රු. මිලියන 2,847 ක් විය. සමූහයේ සියලුම සාමාජික සමාගම් මෙම ප්‍රතිඵල සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී තිබේ.
බැංකුවේ කොටසක් සඳහා මූලික ඉපැයුම, 2021 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා රු. 10.14ක් ලෙස වාර්තා වී ඇත. මෙය පෙර වසරේ වාර්තා වූ රු. 7.83ට සාපේක්ෂව සියයට29ක වර්ධනයකි.
බැංකුවේ කොටස් මත ප්‍රතිලාභය 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සියයට4.93ක් ලෙස වාර්තා වූ අතර, එය මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේ දී සියයට6.55 දක්වා වර්ධනය වී තිබේ. බැංකුවේ බදු-පෙර වත්කම් මත ප්‍රතිලාභය ද 2020 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ වාර්තා වූ සියයට0.78ට සාපේක්ෂව මෙවර සියයට0.91 දක්වා ඉහළ ගොස් ඇත.
නව මූල්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නිමල් පෙරේරා මහතා මෙසේ පැවැසීය.
“DFCC බැංකුව සෑම විටම ගනුදෙනුකරුවන්ට මුල්තැන දෙමින්, වගකීම් සහගත ලෙස ව්‍යාපාර කටයුතු සිදුකරමින්, පැහැදිලි අරමුණු සහිතව ලාභ උපයා ගැනීමට කටයුතු කරනවා. පාරිභෝගික කේන්ද්‍රීය සහ, පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුවක් ලෙස, ගනුදෙනුකරුවන්ගේ ස්ථාවරත්වය සඳහා අත්වැලක් වෙමින්, විශිෂ්ටතම තලයේ පාරිභෝගික අත්දැකීමක් සමග උපරිම වටිනාකම් තිළිණ කිරීම අපගේ අරමුණයි.
අපගේ ප්‍රකාශිත දැක්මට සමගාමීව, අතිනවීන මූලික බැංකුකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට අප පියවර ගත් අතර, මෙය 2021 ඔක්තෝබර් මාසයේ දී ක්‍රියාත්මක කරනු ලැබුවා. දැවැන්ත හා සංකීර්ණ ව්‍යාපෘතියක් වන මෙය ක්‍රියාවට නැංවීමේ දී අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දීමට අපට සිදු වුණු අතර, එහිදී අප සමග අවබෝධයෙන් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ අපගේ සියලුම ගනුදෙනුකරුවන්ට අපගේ අවංක ස්තූතිය සහ කෘතඥතාව හිමි විය යුතුයි. ඔවුන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා දියුණු හා ඩිජිටල් තාක්ෂණික පද්ධති භාවිතයට ගැනීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා.
පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මතුවී ඇති පෙර නොවූ විරූ අභියෝග හමුවේ පවා, ගනුදෙනුකරුවන්ට බලපා ඇති අයහපත් සමාජ-ආර්ථික තත්ත්වයන්ට එරෙහිව කටයුතු කරමින්, විශේෂයෙන් සකස් කළ මූල්‍ය විසඳුම් හරහා ඔවුන්ට අත්වැලක් වීමට DFCC බැංකුවේ කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඉදිරියටත් ආරක්ෂාවට මුල්තැන දෙන බැංකු සේවා හඳුන්වා දීමත්, එම මූලධර්මයන් අනුව අපගේ අභ්‍යන්තර ක්‍රියාවලි හැඩගස්වා ගනිමින් ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට වූ සේවාවක් ලබාදීමත් අපගේ ඉලක්කයයි.

සභාපති ජේ. දුරෙයිරත්නම් මහතා

අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
DFCC බැංකුවෙන් සාර්ථක මුල්‍ය ප්‍රතිඵල