IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


CA Sri Lanka 65 වැනි සංවත්සරයට විශේෂ නිල ලාංඡනයක්

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri Lanka) ස්වකීය ව්‍යාපාරික දිවිමගේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එහි 65 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ නිල ලාංඡනයක් පසුගියදා එළි දැක්වූයේය. ඒ ’’65 වැනි සංවත්සරික ලාංඡනය’’ ලෙස හදුන්වයි.

නව ලාංඡනයෙන් ආයතනික ඉතිහාසයෙහි සශ්‍රීක උරුමය සහ වෘත්තීය විශිෂ්ටත්වය සදහා වූ  අප්‍රමාණ කැපවීම සංකේතවත් කරයි. තවද නව ලාංඡනය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහයෝගීතාව, විශිෂ්ටත්වය, අඛණ්ඩ වර්ධනය යන මූලික වටිනාකම් නියෝජනය කරන අතරම, පසුගිය වසර 65 තුළ එහි ජයග්‍රහණ සහ අනාගතය සඳහා වූ  අපේක්ෂා ද ඉස්මතු කරයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය 1959 සිට, 65 වසරක් ශ්‍රී ලංකාවේ ගණකාධිකාරී වෘත්තීය ක්ෂේත්‍රය ආලෝකමත් කරමින්, ප්‍රගතිශීලී පරිවර්තනයක් කරමින්, නවීකරණය කරමින්, වෘත්තිය ප්‍රබෝධයක් ඇති කරමින් ක්ෂේත්‍රයේ පොදු අභිවෘද්ධිය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. පසුගියදා නව ලාංඡනයක් හදුන්වාදෙමින් සැමරුවේ එකී ඓතිහාසික යුග මෙහෙවරයි. 

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකදී නව ලාංඡනය එළිදැක්වූ අතර එම අවස්ථාවට උප සභාපති ටිෂාන් සුබසිංහ කවුන්සිලයේ සාමාජිකයෝ හිටපු සභාපතිවරු සාමාජිකයෝ සහ අනෙකුත් පාර්ශවකරුවෝ සහභාගි වූහ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සභාපති හේෂණ කුරුප්පු මහතා කුරුප්පු මහතා මෙසේ පැවසීය. “ආයතනයේ සශ්‍රීක ඉතිහාසය සහ විශිෂ්ටත්වය සඳහා වූ අපේ නොසැලෙන කැපවීමත්, නව්‍යකරණ ආත්මයත් සංකේතවත් කරන අපගේ ‘65 වැනි සංවත්සරික නව ලාංඡනය’’  අපි එළිදැක් වූවා. “ආයතනය ගොඩ නැගීමට, එයට ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතියක් සහ පිළිගැනීමක් ලබාදීමට ඇප-කැප වූ අපගේ ආරම්භක පියවරුන්ට, හිටපු සභාපතිවරුන්ට, සමාජිකයන්ට, කොටස්කරුවන්ට ගෞරව - ආදර ස්තුතිය පිරි නමනවා. 65 වසරක් ජාතික සහ අන්තර්ජාතික තලයේ අඛණ්ඩ ජයග්‍රාහි විශිෂ්ට ගමනක් අපට යා හැකි වූයේ අප සියලු‍ දෙනා වෘත්තීය ආචාරධර්ම ස්වකීය දෑස් මෙන් සුරකිමින්, සියලු‍ දෙනා එකම යදමක පුරුක් මෙන් නොසැලෙන අධිෂ්ඨානයෙන් අසීමත කැපවීමෙන් ක්‍රියා කළ නිසයි. දැන් ශ්‍රී ලංකාව ගිණුම්කරණ ලෝකයේ ඉහළින්ම සිටී. එය අපි සමූහයක් ලෙස ලැබූ ජයග්‍රහණයයි.”

-595



අදහස් (0)

CA Sri Lanka 65 වැනි සංවත්සරයට විශේෂ නිල ලාංඡනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 133 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site