
(ප්‍රසාද් රුක්මල් )
ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ හටගත් ගින්න දින තුනක් පුරා අද (15) වනවිටත් පැතිර යමින් තිබෙන බවත් , ගින්නෙන් අක්කර පනහක පමණ කොටසක් විනාශ වී ඇතැයි ද ඇල්ල ප්‍රාදේශීය ලේකම් ඉන්දික ගයාන් පතිරණ මහතා පවසයි .
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ (13) දින පස්වරුවේ කිසිවෙකු විසින් මෙසේ ඇල්ල පුංචි ශ්‍රී පාද කදුවැටියට හොර රහසේ ගිනිතබා ඇති අතර , මේ වනවිටත් ගින්න පවතින සුළං සමඟ තව දුරටත් පැතිර යමින් පවතින බවත් හෙතෙම කීය .
බදුල්ල එළදලුව යුදහමුදා කදවුරේ නිලධාරීන් , ඇල්ල පොලිසිය , වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් , ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , ආපදා කළමනාකරණ ඒකකය, හිබිලියගොල්ල , ගල්ලෙනකුබුර ගම්වාසීන් එක්වී පුංචි ශ්‍රී පාද කන්දේ පැතිර යමින් තිබූ ගින්න නිවා දැමීමට කටයුතු සිදු කලද අද (15) දහවල් වනවිටත් ගින්න ක්‍රමත් ක්‍රමයෙන් පැවති බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් වරයා පවසයි .
අධික කදු බෑවුම් සහිත මෙම පුංචි ශ්‍රී පාද කන්දේ එම ස්ථාන වලට ලගා වීමට ඇති අපහසුතාව නිසාවෙන් ගින්න නිවාදැමීමට අපහසු වී තිබේ.
මේ අතර කුඹල්වෙල මහමෙව්නා අසපුව රක්ෂිතයේ සහ කිතල් ඇල්ල ප්‍රදේශයේ ඇති වූ ගිනිගැනිම් මේවනවිටත් නිවා දමා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇල්ල පුංචි ශ්‍රී පාද කන්දේ ගින්න දින තුනක් :අක්කර 50ක් විනාශයි